සඟවා තිබූ ඩීසල් ලීටර් 44,473ක් හසුවෙයි

deasel

ඉන්ධන අර්බු­ද­යත් සමඟ ඉන්ධන සඟ­වා­ගෙන සිටින පුද්ග­ල­යන් සොයා පොලී­සිය සිදු කරන වැට­ලීම් ඔස්සේ ඉකුත් සිකු­රාදා (27) වන විට ඩීසල් ලීටර් 44,473ක් සහ පෙට්‍රල් ලීටර් 2,014ක ප්‍රමා­ණ­යක් අත්අ­ඩං­ගු­වට ගත් අතර, හිඟු­ර­ක්ගොඩ ප්‍රදේ­ශයේ පුද්ග­ල­යකු සඟවා ගෙන සිටි භූමි­තෙල් ලීටර් 1,995ක්ද අත්අ­ඩං­ගු­වට ගැනී­මට හැකි වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකා­ශක කොට්ඨාස දත්ත­ව­ලින් හෙළි වේ. එලෙස බවු­සර් දෙකක සඟ­වා­ගෙන තිබූ ඩීසල් ඉන්ධන ලීටර් 19,060ක ප්‍රමා­ණ­යක් බිය­ගම ප්‍රදේ­ශ­යේදී අත්අ­ඩං­ගු­ව­ට­ගෙන ඇත්තේ පුද්ග­ල­යන් සිව්දෙ­නෙ­කුද සම­ඟිනි.

තවද, මොර­ග­හ­හේන ප්‍රදේ­ශ­යෙන්ද බවු­ස­ර­යක් තුළ සඟවා තිබූ ඩීසල් ලීටර් 6,752ක් සහ පෙට්‍රල් ලීටර් 120ක්ද සොයා ගැනී­මට ඉකුත් 24 දා වලාන දූෂණ මර්දන ඒක­ක­යට හැකි වූ අතර, මීග­මු­වෙන් ඩීසල් ලීටර් 3,532ක් සහ රාම­නා­ද­න්පු­රම්හි සිදු කළ වැට­ලී­ම­කින් පෙට්‍රල් ලීටර් 1,220ක්ද අත්අ­ඩං­ගු­වට ගෙන ඇත.