ඡන්ද පනත් හතරක ලොකු හිල්.

sl election

ජනාධිපතිවරණ, මහ මැතිවරණ, පළාත් සභා හා පළාත් පාලන මැතිවරණ පනත් කෙටුම්පත්වල වැරදි අඩුපාඩු සහ දුර්වලතා රැසක් පවතින බවට කරුණු අනාවරණයවී ඇති බවත් ඒවා නිවැරදි කිරීමට මැතිවරණ කොමිෂන් සභාව මේ දිනවල යුහුසුළුව කටයුතු කරමින් සිටින බවත් වාර්තා වේ.

ඒ සඳහා වෙනම කමිටුවක්ද පත් කරනු ලැබ ඇත.

මෙම අඩුපාඩු නිවැරදි කිරීමෙන් පසු සියලු‍ පක්ෂ ලේකම්වරුන් සමඟ සාකච්ඡා කර කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමටත් ඉන් අනතුරුව ඒවා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමටත් බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිෂන් සභාව කියයි.