රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයට අනුව වසර ගණනාවක සිට රජය ලබාදෙන සොච්චම් මුදලින් දැනට පවතින ඉන්ධන අර්බුදය හමුවේ තම නිලධාරීන්ට රාජකාරි කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබෙන බවත් මෙම තත්ත්වය හමුවේ ක්ෂේත්‍ර නිලධාරීන්ට කිසිසේත්ම රාජකාරි කිරීමට නොහැකි බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.
දැනට පවතින අර්බුදය හමුවේ අනවශ්‍ය රැස්වීම් හා ප්‍රගති සමාලෝචන රැස්වීම් තාවකාලිකව හෝ කල්දැමිය යුතු බවත් රාජකාරි කටයුතු අතපසුවීම හේතුවෙන් විනය ක්‍රියාමාර්ගවලට මුහුණ දීමට බලපෑම් එල්ල කළහොත් අකමැත්තෙන් වුවද වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙන බවත් ඔවුන් පවසයි.