හිටපු අමාත්‍යවරයෙකු මෙන්ම කෘතහස්ත දේශපාලනඥයෙකු වන ඉම්තියාස් බාකිර් මාකර් විසින් රචිත “මා අකමැතිව සිටි ජේ.ආර්.” සිංහල,දමිළ හා ඉංග්‍රීසි කෘතීන්හි නිල දොරට වැඩීමේ උත්සවය අද (30) දින ජේ.ආර්.ජයවර්ධන මධ්‍යස්ථානයේදී පැවැත්විණි.
සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන් මුද්‍රණය කර ඇති මෙම කෘතිය එළිදැක්වීමේ අවස්ථාවට ආසියානු කලාපීය මාධ්‍ය සහයෝගීතාවේ කලාප උපදේශක ආචාර්ය රංග කලන්සූරිය, එක්සත් රාජධානියේ ඉස්ලාමීය පදනමේ සභාපති ආචාර්ය අර්. මුස්තාෆා,දේශපාලන ක්‍රියාකාරි රෙහාන් ජයවික්‍රම මහත්වරුන් සහභාගි වීය.








