‘ඇමරිකානු ජනාධිපතිවරයා පත්කරන්නේ කවුද? ඒක අපි දන්නවා. ඊශ්‍රායලයේ මූල්‍ය වශයෙන් සහ දේශපාලන උදව් නැතුව මොන ඇමරිකන් ජනාධිපතිද පත්වෙලා තියෙන්නේ? ට්‍රම්ප් මහත්තයා 2016 ඉල්ලනකොට චෝදනාව ආවේ ඊශ්‍රායලයටත් නෙවේ,රුසියාවට.
පහුගිය අවුරුදු හතලිහටම ඇමරිකාවේ ජනාධිපතිවරු පත්වෙලා තියෙන්නේ ඊශ්‍රායල් ලොබි එකේ ශක්තියෙන්. ඊශ්‍රායලය මේකට සහයෝගය දෙන්නෙත් ඇමෙරිකාවේ ජනාධිපතිවරයා පත් කරන්නෙත් එක ප්‍රධාන කොන්දේසියක් මත. ඒ ඉරානයට ගහන්න ඕන කියන කොන්දේසිය.
පසුගිය අවුරුදු හතළිහේම ඇමරිකාවේ ජනාධිපතිවරු ඔය උගුලෙන් ගැලවිලා හිටියා. බයිඩ්න් මහත්තයත් හරි අමාරුවෙන් ඕකෙන් ගැලවිලා හිටියා.ට්‍රම්ප් මහත්තයා පූජාවලියට අත ගැහුවා.දැන් පූජා වලියට පශ්චත්භාගේ දනවා.‘යැයි ආචාර්ය රංග කලංසූරිය පැවසී ය.ආචාර්ය රංග කලංසූරිය යනු ප්‍රවීණ මාධ්‍යවේදියකු, මාධ්‍ය නිදහස පිළිබඳ විශේෂඥයකු සහ හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයෙකි. ඔහු ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙසද කටයුතු කර ඇති අතර, මාධ්‍ය නිදහස ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර පිළිගැනීමක් ඇති අයෙකි.
ඔහු ඉහත අදහස් දැක්වීම කළේ හිටපු අමාත්‍යවරයකු හා කෘතහස්ත දේශපාලනඥයකු වූ ඉම්තියාස් බාකිර් මාකර් විසින් රචිත “මා අකමැතිව සිටි ජේ.ආර්.” කෘතිය කොළඹ 07 ධර්මපාල මාවතේ පිහිටි ජේ.ආර්. ජයවර්ධන කේන්ද්‍රයේදී ඊයේ (30) සවස 4.15ට එළිදැක්වීමේ උත්සවයේදී ය.