ලොව බලවත්ම මිලිටරි සංවිධානය ලෙසින් ලෙසින් සැලකෙන ‘නේටෝ’ (උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය) සංවිධානයෙන් ඉවත්වීමට අමෙරිකාව සූදානම් වන බවට ‘ටෙලිග්‍රාෆ්’ පුවත්පත සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී ජනපති ට්‍රම්ප් මේ බව ඉඟිකර ඇත.“මම කවදාවත් නේටෝවෙන් බලපෑමට ලක් වුණේ නැහැ. මම හැම විටම දැනගෙන හිටියා ඔවුන් කඩදාසි කොටියෙක් කියලා, ඒ වගේම පුටීනුත් ඒක දන්නවා” යනුවෙන් පැවසීය.
එහිදී ඔහු නේටෝ සංවිධානය “කඩදාසි කොටියෙකු”ට සමාන කර ඇති අතර, එක්සත් රාජධානියට නාවික හමුදාවක් නොමැති බවත් පවසා තිබේ.
ඉරානට එරෙහි යුද්ධයට සම්බන්ධ වන්නැයි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, දිගින් දිගටම නේටෝ වෙතින් සිදුකරන ඉල්ලීමට යහපත් ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් මෙම තීරණය ගැනීමට හේතුවී ඇති බව වාර්තා වේ.