ශ්‍රී ලංකා නාවික හමුදා අවේක්ෂණ මෙහෙයුමක් අතරතුර බේරුවලට ඔබ්බෙන් වූ ගැඹුරු මුහුදේ දී මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් ධීවරයන් 6 දෙනාගෙන් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර ලබාදී ඇත.
අදාළ ධීවරයන්ව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත අද (2) ඉදිරිපත්කළ අවස්ථාවේදී මෙම නියෝගය ලබාදී තිබේ.
විදෙස් බුද්ධි තොරතුරක් මත අදාළ ධීවරයන් හා බහුදින ධීවර යාත්‍රාව ඉකුත්දා නාවික හමුදා භාරයට පත්විය.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් සිදුකළ මූලික විමර්ශනයේදී හෙළිවී ඇත්තේ, යාත්‍රාවේ තිබූ උරවල අසුරන ලද පැකට් 298ක හෙරොයින් කිලෝග්‍රෑම් 323ක ප්‍රමාණයක් ඇති බවය.
එම මත්ද්‍රව්‍ය තොගය රුපියල් කෝටි 620කට අධික බව සඳහන් විය.