සජබ කැපිලි මැද හර්ෂ නලින්ද හමුවෙයි.

1775281694 1990 l

1990 ගිලන්රථ සේවාවේ නව කාර්යාලය අද (04) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කරන ලදී.

මෙම අවස්ථාව සඳහා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ද ඇතුළු මැතිඇමතිවරුන් පිරිසක් එක්ව සිටියේය.

නව කාර්යාලය කොළඹ 07, හෝටන් පෙදෙසේ පිහිටි ස්ථානයේදී විවෘත කිරීම සිදු කෙරිණි.

මෙහි විශේෂත්වය වන්නේ සමගි ජනබලවේගයේ ආර්ථිකය සම්බන්ධයෙන් විශේෂඥයෙකු ලෙස සැලකෙන හර්ෂ ද සිල්වා පසුගිය දිනවල ඒම පක්ෂ නායකත්වය විසින් දිගින් දිගටම නොසලකා හැර තිබීම ය.