වර්ජනය ඇනහිටී

1774917403 gmoa strike l large

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ක්‍රියාත්මක කළ වැඩවර්ජනය අද (06) පෙරවරු 08.00 සිට තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ.

එම සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා සඳහන් කළේ ලබන බ්‍රහස්පතින්දා අමාත්‍යවරයා සමඟ සිය ගැටළු සාකච්ඡා කිරීමට අවස්ථාව ලබා දීම පදනම් කරගනිමින් සිය වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බවය.

ඒ අනුව අද (06) විදෙස්ගත වන සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා යළි දිවයිනට පැමිණීමෙන් පසු ලබන බ්‍රහස්පතින්දා අදාළ සාකච්ඡාව පැවැත්වීමට නියමිත බව ද සඳහන්.

දේශපාලන මැදිහත්වීම් මත වෛද්‍යවරුන්ගේ ස්ථානමාරුවීම් සිදු කිරීම නැවැත්වීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙම වැඩවර්ජනය ආරම්භ කර තිබුණි. 

ඇමති, වර්ජනය පයිසෙකට මායිම් නොකරයි.

සාධා­රණ වර්ජ­න­ය­කට විස­ඳුම් ලබා­දී­මට රජ­යට හැකි­යාව තිබෙන බව සෞඛ්‍ය හා ජන­මාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජය­තිස්ස මහතා බණ්ඩා­ර­ග­මදී ඊයේ (05) පැව­සීය.

අසා­ධා­රණ ලෙස වැඩ වර්ජ­න­යක් කිරීමේ වුව­ම­නාව මත පම­ණක් වැඩ වර්ජ­නය කරන්නේ නම් එතැන ගැට­ලු­වක් පව­තින බව ද ඇමැ­ති­ව­රයා කීවේය.

මාත්‍ය­ව­රයා එසේ පැව­සුවේ බණ්ඩා­ර­ගම ප්‍රාදේ­ශීය සභාව මඟින් වෑවිට වැව්තා­වුල්ලේ ඉදි­ක­රන ලද ‘බණ්ඩා­ර­ගම ළමා උද්‍යා­නය’ විවෘත කිරීමේ උත්ස­ව­යට සහ­භාගි වීමෙන් අන­තු­රුව මාධ්‍ය අම­ත­මිනි.

රජයේ වෛද්‍ය නිල­ධා­රීන්ගේ සංග­මයේ ගැට­ලු­ව­ලට විස­ඳුම් ලබා දී ඇති බවත් ඉදි­රි­යේදී විස­ඳුම් ලබා දෙනු ඇති බවට ඔවුන් දන්නා බවත් හෙතෙම මෙහිදී කීවේය.

මේ වන­විට වැඩ වර්ජ­න­යක් ක්‍රියා­ත්මක කර ඇති පශ්චාත් සීමා­වා­සික වෛද්‍ය­ව­රුන්ට පත්වීම් ලබා­දීම සම්බ­න්ධ­යෙන් වන ගැට­ලුව නිරා­ක­ර­ණය කර ඇති බවත් පත්වීම් සඳහා වෛද්‍ය­වරු 453 දෙන­කු­ගෙන් 435 දෙනකු අය­දුම් කර තිබෙන බවත් ඇමැ­ති­ව­රයා පැව­සු­වේය. ඒ අනුව පශ්වාත් සීම­ාවා­සික අව­ධියේ සිටි වෛද්‍ය­ව­රුන් 435ක් සඳහා පළමු පත්වීම සිංහල දෙමළ අවු­රු­ද්දට පෙර ලබා­දී­මට සියලු කට­යුතු සූදා­නම් කර ඇතැයි ද හෙතෙම කියා සිටි­යේය.

දැන් වන විට මේ අයගේ ලැයිස්තු සකස් කර­මින් සිටින බවත් එම ලැයි­ස්තුව අමා­ත්‍යාං­ශය මඟින් කඩි­න­මින් ප්‍රකා­ශ­යට පත් කරන බවත් කීවේය.