විද්‍යා ඝාතකයා තවත් බිල්ලකට අරඅඳී

vidya case

2013 දී යාපනයේ සිවලෝගනාදන් විද්‍යා දැරිය සමූහ දූෂණයට ලක් කර ඝාතනය කළ පුද්ගලයින් හත් දෙනාගෙන් එක් අයෙකු මහනුවර, පල්ලෙකැලේ බන්ධනාගාරයේ රාජකාරියේ යෙදී සිටි කාන්තා වෛද්‍යවරියකට ලිංගික අතවර කිරීමට උත්සාහ කළ බවට චෝදනා එල්ල වී තිබේ.

බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින ජේ.කෝකිලන් කන්නා නම් සිරකරු වෛද්‍යවරිය වැළඳගෙන දූෂණය කිරීමට උත්සාහ කර ඇති බව පොලිසිය පවසයි. වෛද්‍යවරියගේ කෑගැසීමෙන් පසු බන්ධනාගාර නිලධාරීන් එම ස්ථානයට පැමිණ ඇය බේරා ගත් බව පොලිසිය පවසයි.

විද්‍යා දැරිය 2015 මැයි මස 13 දින යාපනයේදී ඝාතනයට ලක් වූ අතර ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ස්විස් කුමාර් ඇතුළු හත් දෙනෙකුට 2017 වසරේදී මරණ දණ්ඩනය නියම විය.

යාපනය මහාධිකරණ විනිසුරු මානිකවාසගර් ඉලංචෙලියන්, ත්‍රිකුණාමල මහාධිකරණ විනිසුරු අන්නලිංගම් ප්‍රේම්ශංකර් සහ වවුනියාව මහාධිකරණ විනිසුරු බාලේන්ද්‍රන් ශෂීමහේන්ද්‍රන්ගේ ඒකමතික තීන්දුවක් ලෙස අදාළ දඬුවම ප්‍රකාශයට පත් කෙරිණි.