හෝමූස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීමට එකඟ නොවන්නේ නම්, එක්සත් ජනපදයට “එක් රැයකින්” ඉරානය විනාශ කළ හැකි බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසීය. ඒ් සඳහා වොෂින්ටනයේ වේලාවෙන් අඟහරුවාදා රාත්‍රී 8:00 (මෙරට වේලාවෙන් බදාදා අළුයම 5.30) අවසන් කාලසීමාව ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.”මුළු රටම එක රැයකින් විනාශ කළ හැකියි. සමහර විට ඒ රාත්‍රිය හෙට රාත්‍රිය වෙන්නත් පුළුවන්,” ඔහු සඳුදා (අප්‍රේල් 06) පැවසීය.
ලබාදුන් අවසාන් කාලසීමාව නිමා වූ පසු, ඉරානය “ගල් යුගයට” ආපසු යවනු ඇතැයි ට්‍රම්ප් වැඩිදුරටත් පැවසීය.
ඉරානය තාවකාලික සටන් විරාමයක් සඳහා වූ යෝජනා ප්‍රතික්ෂේප කර ඇති අතර, ඒ වෙනුවට ගැටුම ස්ථිර ලෙස අවසන් කර සම්බාධක ඉවත් කරන ලෙස ඉල්ලා තිබේ. මේ අතර, ඉරාන රජය පෙරළා දැමීම තම අභිප්‍රාය නොවූවත් – ඉරාන ජනතාව “නිදහස ලබා ගැනීම සඳහා දුක් විඳීමට කැමති” වනු ඇතැයි ට්‍රම්ප් කියා සිටියේය.
ගැටුම අතරතුර එක්සත් රාජධානිය, නේටෝ සහ දකුණු කොරියාව ඇතුළු ප්‍රධාන ඇමෙරිකානු මිත්‍ර රටවල් ඇමෙරිකා එක්සත් ජනපදයේ උදව්වට නොපැමිණි බවට ජනාධිපතිවරයා කළ විවේචන ද අලුත් කළේය.
“නේටෝව ඒ කළ දේ කවදාවත් අමකත නොවන ලකුණක්,”