විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුලු විපක්ෂ මන්ත්‍රීවරු කිහිපදෙනෙක් අද දින කථානායකවරයාට යෝජනාවක් ඉදිරිපත් කරමින්, දිට්වා සුළි කුණාටුවට පෙර සූදානමක් නොමැතිකම පිළිබඳව පූර්ණ පරීක්ෂණයක් පැවැත්වීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කමිටුවක් පිහිටුවීමට ඉල්ලා සිටියහ.කුණාටුව සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සහ අන්තර්ජාතික ජනමාධ්‍ය ආයතන විසින් කාලගුණ අනතුරු ඇඟවීම් කල්තියා නිකුත් කළ බවත්බවත් එසේ තිබියදීත්, බලධාරීන් ප්‍රමාණවත් සූදානම් කිරීමේ පියවර ගැනීමට අපොහොසත් වී ඇති බවට විපක්ෂය චෝදනා කරයි.පාස්කු ඉරිදා ප්‍රහාර සහ ආර්ථික බිඳවැටීම වැනි අතීත අර්බුදවලට මෙය සමාන බවත්, එම කාරණා සම්බන්ධයෙන්ද විශේෂ පාර්ලිමේන්තු කමිටු පත්කරන ලද බවත් ඔවුහු පෙන්වාදෙති.
මෙම සූදානම නොමැතිකම අතිශයින් කණගාටුදායක බව පැවසූ මන්ත්‍රීවරු, කාලෝචිත පියවර ගෙන තිබුණේ නම් බොහෝ ජීවිත බේරාගත හැකිව තිබූ බව අවධාරණය කළහ.දිට්වා සුළි කුණාටුව ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ දරුණුතම ස්වාභාවික විපත බවත්,ජීවිත හා දේපළවලට සිදු වූ හානියේ සම්පූර්ණ ප්‍රමාණය තවමත් තීරණය කර නොමැති බව ඔවුහු එහි සඳහන් කළ නමුත් ව්‍යසනයේ පරිමාණය හදිසි අවධානයක් යොමුකළ යුතු බවත් ඔවුහු පවසති.
