බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සැසිවාරය අතරතුර (17) දිට්වා සුළි කුණාටුවෙන් ශ්‍රී ලංකාවට සිදු වූ හානිය සහ සහන සැළසීම පිළිබඳව සාකචඡා කර තිබේ.
ඒ අනුව ශ්‍රී ලංකාවට මේ වන විට පවුම් 675,000කට ආසන්න මානුෂීය ආධාර ලබා දී ඇති බවත් මෙම තත්වයන් සමීපව නිරීක්ෂණය කරමින් ඉදිරියේදී තවත් සහන ලබා දීමට බ්‍රිතාන්‍ය රජය කටයුතු කරන බවත් පාර්ලිමේන්තුවේදී වැඩිදුරටත් සඳහන් කර ඇත.