දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ විනාශය හමුවේ, ජීවිත හා දේපළ අහිමි වූ සහ අවතැන් වූ පවුල්වලට ශක්තියක් වීම සඳහා කොළඹ වාර්ෂික නත්තල් සැමරුම මෙවර ‘බලාපොරොත්තුවේ පහන්’ (Lights of Hope) නමින් මානුෂීය මුලපිරීමක් ඊයේ(14) හවස ගාලුමුවදොර පරිශ්‍රයේ දී සිදුවිය.ආපදාවන්ගෙන් ජීවිත අහිමි වූවන්ට ගෞරව කිරීමට, ජීවිත ගලවා ගත් අයට ශක්තියක් වීමට සහ පරිත්‍යාගශීලී ආත්මයකින් එක්වීමට රට පෙළඹවීමට කටයුතු යොදා ඇති අතර ප්‍රමුඛ පෙළේ සමාගම්ද මෙයට අනුග්‍රහකත්වයෙන් සම්බන්ධ විය.මෙහිදී පරිත්‍යාගයන්ද බලාපොරොත්තු වූ අතර කොළඹ මහ නගර සභා ශාලාවේ සහන සැලසීමේ ස්ථාන දැනටමත් පිහිටුවා ඇත. ගාලු මුවදොර පිටියේ Hope කලාපයේ ද පරිත්‍යාගයන් සඳහා අවස්ථාව වෙන්කොට තිබේ.








