නිලධාරීන් විසින් එක්වරක් පමණක් භාවිත කළයුතු රුධිරය එකතු කිරීමේ නළ රෝගීන් කිහිපදෙනකු වෙනුවෙන්ම සෝදා නැවත භාවිත කරන ලග්ගල ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික වෛද්‍ය රසායනාගාරයක් පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් වටලා තිබේ.සනීපාරක්ෂක ප්රමිතීන් උල්ලංඝනය කරමින් සහ මහජන සෞඛ්‍යය අවදානමට ලක්කරමින් කටයුතු කර ඇති එහි, කල්ඉකුත් වූ රුධිර පරීක්ෂණ නල තොගයක් ද විමර්ශකයින් විසින් සොයාගෙන ඇත.
එවැනි පිළිවෙත් රෝගීන්ගේ ජීවිත අනතුරේ හෙළන අතර ස්ථාපිත සෞඛ්‍ය සහ පාරිභෝගික ආරක්ෂණ රෙගුලාසි උල්ලංඝනය කරන බව අධිකාරිය පවසයි.
එම ස්ථානයට එරෙහිව නීතිමය පියවර ගැනීමට අධිකාරිය පියවර ගෙන තිබේ.
පාරිභෝගික කටයුතු අධිකාරිය පැවසුවේ මූල්‍යමය ලාභය සඳහා මහජන ආරක්ෂාව අවදානමට ලක් කරන වෛද්‍ය සහ වාණිජ ආයතන සඳහා නිතිපතා පරීක්ෂණ සහ වැටලීම් දිගටම කරගෙන යන බවත්, සැක සහිත උල්ලංඝනයන් වාර්තා කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින බවත්ය.