ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව නායක දසුන් ශානක තරඟ දිනවන්නෙකු ලෙස ප්‍රකටය.ඔහුගේ නායකත්වය යටතේ එක්දින තරග 13ක් අඛණ්ඩව ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූ අතර එහිදී සිය ප්‍රතිවාදී කණ්ඩායම සම්පුර්ණයෙන් දවා ගත් එකම කණ්ඩායම ලෙස වූ වාර්තාවට ද හිමිකම් කීමට සමත්විය.එමෙන්ම වැඩිම එක්දින තරග සංඛ්‍යාවක් අඛණ්ඩව ජයග්‍රහණය කළ ලොව දෙවන කණ්ඩායම බවට ද ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වාර්තා පොත් අතරට ගෙන ගියේ ඔහුය.නායකයෙකු ලෙස දසුන් ශානක T20 තරග 53කදී ශ තරග 24ක් ජයග්‍රහණය කිරීමට සමත්ව ඇති පරාජයට පත්ව ඇති තරග සංඛ්‍යාව 27කි.තරග දෙකක් ජය පරාජයෙන් තොරව අවසන් වී තිබේ.
දසුන් ශානක එක්දින ජාත්‍යන්තර තරග 41කදී ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය දී ඇති අතර එහිදි තරග 23ක් ජය ලබා ඇති අතර පරාජයට පත්වී ඇති තරග සංඛ්‍යාව 17කි.
2019 වසරේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පකිස්ථාන සංචාරය සඳහා දසුන් ශානකට පළමු වරට නායකත්වයේ වගකීම භාර වූ අතර පළමු තරගය ශ්‍රී ලංකාව ලකුණු 64කින් ජයග්‍රහණය කිරීමට සමත් විය. එය පකිස්ථානයට එරෙහිව ශ්‍රී ලංකාව විස්සයි 20 තරගයක් වසර 6කට පසුව ජයග්‍රහණය කළ ප්‍රථම අවස්ථාව විය. ශ්‍රී ලංකා කණ්ඩායම තරග 3-0ක් ලෙසින් තරගාවලිය ජයග්‍රහණය කිරීමට ද සමත් විය. 20යි විස්ස තරගාවලියක් පකිස්ථානයට ඒරෙහිව ජයගෙන තිබුණේ ඉන්දීය කණ්ඩායමේ හිටපු නායක මහේන්ද්‍ර සිං දෝනි සහ ඕස්ට්‍රේලියාවේ මයිකල් ක්ලාර්ක් පමණි. තෙවැන්නා දසුන් ය.
ඉන් පසුව නායකත්වය ජනිත් පෙරේරාට දුන් නමුත් ජයග්‍රහණවලට වඩා තිබුණේ පරාජයන් ය.නැවත නායකත්වට දසුන් වෙත ලැබෙන්නේ ඉන්දීය කණ්ඩයම සමග පැවති එක්දින තරග සංචාරයට ය.ඒය ශ්‍රී ලංකාව තරග 2-1ක් ලෙස පරාජයට පත්වුවද විස්සයි 20 තරග මාලාව 2-1ක් ලෙස ඉන්දියාවට එරෙහිව ජය වාර්තා කිරීමට දසුන් ශානක ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.
2021 වසරේ සැප්තැම්බර් මාසයේදී දකුණු අප්‍රිකාවට එරෙහි එක්දින තරග සංචාරයේදී 2-1ක් ලෙස තරගාවලිය ජයග්‍රහණය කිරීමට දසුන් ශානක ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.ඒ් දවසර අටකට පසුව ය.2021 වසරේ පැවති විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා කණ්ඩයමේ නායකත්වය දසුන්ට හිමිවූ අතර,එම වසරේ ජුනි මාසයේදී ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේදී ඔස්ට්‍රේලියාව පරාජයට පත් කරමින් එක්දින තරගාවලිය ජයග්‍රහණය කිරීමට දසුන්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවිිය.ඒමෙන්ම, 2022 ආසියානු කුසලාන ශුරතාවය ජයග්‍රහණය කිරීමට දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවිය.
2023 ලෝක කුසලාන තරගාවලිය සඳහා සෘජුව සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම අපොහොසත් වීම හේතුවෙන් සිම්බාබ්වේ හිදී පැවැති සුදුසුකම් ලැබීමේ තරගාවලිය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකාව සමත් වූ අතර ඒහි නායකත්වයද දැරුවේ දසුන් ය.
කෙසේ වෙතත් 2023 අවසන් වූ ආසියානු කුසලාන තරගාවලියේදී ඉන්දියාව හමුවේ ශ්‍රී ලංකාව ලකුණු 50කට දැවී යාමත් සමඟ ඔහුගේ නායකත්වය ගැන විවේදන ඒල්ල විය.ඉන් අනතුරුව චරිත් අසලංක නායකත්වයට පත්වූ අතර දැන් නැවත වරක් අසලංකගේ නායකත්වය වෙනුවට දසුන් ශානක යළි ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට පත් කර ඇත.