මරණ තර්ජන ආව මන්ත්‍රීලා 22ක් ඉන්නවලු.

call 13 11 24

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 22කට මරණ තර්ජන එල්ල වී ඇති බව සමගි ජන බලවේගය පවසයි.

එම මන්ත්‍රීවරුන්ගේ නම් වහාම රටට හෙළි කරන ලෙස කථානායක ජගත් වික්‍රමරත්නගෙන් ඉල්ලීමක් කළ බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පවසයි.

විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් කථානායකවරයා හමු වී මෙම ගැටලුව සම්බන්ධයෙන් ඔහුට නිල වශයෙන් දැනුම් දුන් බවත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ජීවිත ආරක්ෂාව සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කළ යුතු බවත් පෙන්වා දෙන මන්ත්‍රීවරයා, මේ පිළිබඳව කථානායකවරයාට බරපතළ වගකීමක් පැවරී ඇති බවද අවධාරණය කරයි.

තමන්ට එල්ල වී ඇති තර්ජන සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලි කළද, මේ දක්වා තමන්ට ආරක්ෂාව දී නැති බවද මුජිබර් රහුමාන් වැඩිදුරටත් පවසයි. මීට පෙර පොලිස්පතිවරයා පක්ෂ නායකයන් හමුවට පැමිණි අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව පිළිබඳ සාකච්ඡා කළ බවද ඔහු සඳහන් කරයි.