වසර පහයි. ආපදා මරණ තුන්ලක්ෂ දහඅට දහසයි.

natural disasters what can you do condo living 11zon

පසු­ගිය වසර පහක කාලය තුළ ස්වභා­වික ආපදා සිදු­වීම් 2180ක් වාර්තා වී තිබෙන බවත් ඉන් 318,000ක් පමණ මිය­ගොස් තිබෙන බවත් පේරා­දෙ­ණිය විශ්ව­වි­ද්‍යා­ලයේ ආර්ථික හා සංඛ්‍යාන විද්‍යා දෙපා­ර්ත­මේ­න්තුවේ ජ්‍යෙෂ්ඨ මහා­චාර්ය වසන්ත අතු­කෝ­රාළ මහතා පව­සයි. සාමා­න්‍ය­යෙන් වස­ර­කට ස්වාභා­වික ආප­දා­ව­ලින් ලොව 40000-50000ක පමණ පිරි­සක් මිය­යන බවද හෙතෙම අව­ධා­ර­ණය කළේය.

පේරා­දෙ­ණිය විශ්ව­වි­ද්‍යා­ලයේදී ඊයේ (22) පැවැති මාධ්‍ය හමුවේදී අද­හස් දක්ව­මින් මහා­චා­ර්ය­ව­රයා මේ බව පැව­සු­වේය. වාර්ෂික ස්වාභා­වික ආපදා වාර්තා වීම 400-500ක අග­යක තිබෙන බවද ඒ මහතා කීය.

ගංව­තුර, භූමි­කම්පා, කුණාටු, ගිනි­කඳු පිපි­රීම්, ළැව්ගිනි. ග්ලැසි­යර් දිය­වීම, කඳු කඩා­වැ­ටීම, හිම­ප­ත­නය, වියළි කාල­ගු­ණය වැනි ස්වාභා­වික විපත් මෙහිදී සැල­කි­ල්ලට ගෙන තිබෙන බවද මහා­චා­ර්ය­ව­රයා ප්‍රකාශ කළේය.

මධ්‍යම කඳු­ක­රයේ නාය යෑමට ලක්ව තිබෙන හා ඉදි­රියේ නාය යෑමේ අව­දා­න­මක් ඇති ප්‍රදේශ සැල­කී­මේදී නිවාස අහි­මිව සිටින පවුල් සඳහා තනි නිවාස ඉදි­කර දීමට වඩා ප්‍රායෝ­ගික වන්නේ නිවාස සංකීර්ණ ඇති­කර ඔවුන් පදිංචි කර­වීම බව ද ඒ මහතා කීවේය. ලෝකයේ සිදු­වන දේශ­ගු­ණික විප­ර්යා­ස­වල ස්වභා­වය සැල­කී­මේදී ඉදි­රි­යේ­දීත් මේ ආකාර ස්වාභා­වික ව්‍යස­න­ව­ලට රටක් ලෙස අපට මුහු­ණ­දී­මට සිදු­වනු ඇති බවත් ඒ වෙනු­වෙන් දැරී­මට සිදු­වන ආර්ථික බර අවම කර ගැනීම සඳහා නිසි වැඩ­පි­ළි­වෙ­ළක් දියත් කළ යුතුව තිබෙන බවත් ඒ මහතා කීය. ස්වාභා­වික ආපදා සිදු­වීම නතර කළ නොහැකි නමුත් ඒවා­යින් වන බල­පෑම අවම කර ගැනීමේ හැකි­යාව තිබෙන බවත් ලෝකයේ දියුණු රට­වල් ඒ වෙනු­වෙන් වැඩි අව­ධා­න­යක් යොමු­කර තිබෙන බවත් වසන්ත අතු­කෝ­රාළ මහතා පැව­සු­වේය