ලංකාව ගැන ලෝක බැංකුව දාපු වාර්තාව මෙන්න.

1766412902 world bank report

දිට්වා සුළි කුණාටුව ගොඩනැගිලි, කෘෂිකර්මාන්තය සහ යටිතල පහසුකම්වලට ඇමෙරිකානු ඩොලර් බිලියන 4.1ක ඍජු භෞතික හානියක් සිදු කර ඇති බවත්,එය ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 4 කට පමණ සමාන බවත් (දෙසැ. 22) නිකුත් කරන ලද ලෝක බැංකු සමූහයේ GRADE වාර්තාව මගින් ඇස්තමේන්තු කර තිබේ.සුළි කුණාටුව, දිස්ත්‍රික්ක 25 පුරා ම මිලියන 2කට ආසන්න ජනතාවකට සහ පවුල් 500,000කට ආසන්න සංඛ්‍යාවකට දැඩි ලෙස බලපෑ අතර, ජීවනෝපායන්, අත්‍යවශ්‍ය සේවා සහ පුළුල් ආර්ථිකයට බාධා ඇති කළ බව ලෝක බැංකුව මෙම ඇස්තමේන්තුව මගින් සඳහන් කරයි.

ඉන් මධ්‍යම පළාතට වැඩි ම බලපෑම් එල්ල වී ඇතැයි වාර්තාව මගින් අනාවරණය කර තිබේ.