චීනයේ පස් අවුරුදු සැලැස්මට සජිත්ගෙන් සහතිකයක්!

d64d974b 10ac 4301 b2a4 66c3e65a2cfd

චීනයේ ÒNew Blueprint, New Horizon” සැලැස්ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අගය කරයි.

ÒNew Blueprint, New Horizon” යන මාතෘකාව යටතේ චීනයේ 15 වැනි පස් අවුරුදු සැලැස්ම දියත් කිරීමේ උත්සවය අමතමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චීන මහජන සමූහාණ්ඩුවේ සංවර්ධන ජයග්‍රහණ අගය කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ පෙරේදා (23) කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ දී චීනයේ 15 වැනි පස් අවුරුදු සැලසුම වන New Blueprint New Horizon එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමිනි.

එහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් චීනය වෙළෙඳපොළ මත පදනම් වූ ආර්ථික වර්ධනය සමාජ ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම සමඟ සාර්ථකව ඒකාබද්ධ කර ඇති ආකාරය ඉස්මතු කරමින්, යුක්තිය සහ සාධාරණත්වය සමඟ ධනය නිර්මාණය කිරීම සහතික කරන ආකාරය ඉස්මතු කරන ලදි.

එසේම දරිද්‍රතාව පිටුදැකීම, තාක්ෂණික දියුණුව සහ වෙනස්වන ගෝලීය අභියෝගවලට අනුවර්තනය වීමේ හැකියාව කෙරෙහි චීනයේ දැඩි අවධානය ද විපක්ෂ නායකවරයා විසින් මෙහිදී අගය කළේය.

චීනයට එම ජයග්‍රහණයට සහ ශ්‍රී ලංකාව සමඟ ඇති දිගුකාලීන සම්බන්ධතාවට සුබ පතමින්, “New Blueprint, New Horizon” සැලැස්ම චීන ජනතාවගේ ජීවිත නඟාසිටුවීමට පමණක් නොව ගෝලීය සමෘද්ධිය, සාමය සහ සමඟිය සඳහා දායක වනු ඇති බවටත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී ප්‍රකාශ කර සිටියේය.