බොරු වීඩියෝවක් ගැන හිරුණිකා කට අරියි

hirunika 4 750x375

කොළඹ නගර සභාවේ අයවැය පරාජයෙන් පසු සාදයක් දමා විනෝද වූ බවට පැවසෙමින් සමාජ මාධ්‍යවල සංසරණය වන වීඩියෝ පටයක් පිළිබඳව අදහස් දක්වමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පවසන්නේ, ඇය සහ තවත් පිරිසක් විනෝද වන ආකාරය දැක්වෙන වීඩියෝ පටයක් නිසා වැරදි මතයක් සමාජගත වී ඇති බවයි.

“උත්සවයකින් පසු පක්ෂ සාමාජිකයන් කිහිපදෙනෙක් එකතුවෙලා අපි විනෝද වුණා. අපි සාමාන්‍යයෙන් අපේ ප්‍රදේශවල කනවා බොනවා. ඒක කොළඹ මහනගර සභාවේදී ජාතික ජන බලවේගයේ පරාජය සමරන අවස්ථාවක් බව පවසන වාර්තාව බොරුවක්” ඇය වැඩිදුරටත් සඳහන් කරයි.

අය පවසන්නේ, එම වීඩියෝවේ දැක්වෙන්නේ, මෙම වසරේ ඔක්තෝබර් මාසයේ පැවති සාදයක් බවයි.