ගාලු නගර සභාවේ විපක්ෂය යකා නටයි.මිරිස් කුඩු දෙවෙනි කොටස රඟයි

gallerathaus

නගරාධිපතිවරයා සභාව ආරම්භ කිරීමත් සමඟම සභා ලේකම්වරයා ඇතුළු නිලධාරීන්ට විපක්ෂ මන්ත්‍රීවරුන් විරෝධය පළ කිරීමත් සමග ගාලු නගර සභාවේ උණුසුම් තත්ත්වයක් සිදුව තිබේ.එහිදී “හොරා හොරා අපේ ඡන්ද මංකොල්ල කෑවා” යනුවෙන් විපක්ෂයේ මන්ත්‍රීවරු සියල්ල එක හඬින් ඝෝෂා කර ඇත.

මෙහිදී නගරාධිපතිවරයා න්‍යාය පත්‍රානුකූලව සභාවේ වැඩකටයුතු කරගෙන ගොස් ඇති අතර ඉන් අනතුරුව එළැඹි කාරක සභා අවස්ථාව නිවේදනය කරනවාත් සමගම ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් වතුර බෝතල් රැගෙන නිළධාරිනියන්ට පවා ජල ප්‍රහාරයක් එල්ල කර තිබේ.

එය වඩාත් උත්සන්න වීමත් සමඟම සභාව පැය භාගයකට කල් තැබූ නගරාධිපතිවරයා සභාවෙන් බැස ගොස් ඇත.