ඊයේ (30) ඇති වූ නොසන්සුන්තාව සම්බන්ධයෙන් ගාල්ල මහ නගර සභාවේ මන්ත්‍රීවරුන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු මන්ත්‍රීවරියක් ඇතුළු කණ්ඩායම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ලේකම්වරයාගේ සහ සභාවේ අනෙකුත් නිලධාරීන්ගේ රාජකාරිවලට බාධා කිරීම සම්බන්ධයෙන් ඔවුන්ට චෝදනා එල්ල වී තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන්, එක්සත් ජාතික පක්ෂය, සමගි ජන බලවේගය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන සභා සාමාජිකයන් අද (31) ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
ඊට අදාල මුල්පුවත මෙතනින්https://salakuna.lk/salakuna-85/