මිනුවන්ගොඩ නගර සභාවේ සභාපති ධුරය හෙබවූ ජාතික ජන බලවේගයේ අසේල වික්රමාරච්චි මහතා එම තනතුරෙන් ඉවත් වීමට තීරණය කර ඇත. තමා මෙම තීරණය ගනු ලැබුවේ ස්වකීය කැමැත්ත මත මිස කිසිදු පාර්ශවයක බලපෑමක් නිසා නොවන බවත්, මාස හයක කෙටි සේවා කාලයකින් පසු තමා මෙලෙස සමුගන්නා බවත් ඔහු පැවසීය.
තම ඉල්ලා අස්වීම පිළිබඳව ජාතික ජන බලවේගය වෙත ද මේ වන විටත් නිල වශයෙන් කරුණු වාර්තා කර ඇති බව වික්රමාරච්චි මහතා වැඩිදුරටත් ප්රකාශ කර සිටියේය.
මිනුවන්ගොඩ නගර සභා ඉතිහාසය තුළ සභාපතිවරයෙකු ස්වේච්ඡාවෙන් සිය ධුරය අතහැර ගිය පළමු අවස්ථාව මෙය ලෙස සටහන් වේ.