වසර විස්සක් මහජන මුදල් කාබාසිනියා කළ බහිරවයෝ

pid 2 768x470
untitled 424

දැන් නඩු දැමිය යුත්තේ, 78න් පස්සේ පරි­ස­ර­යට හානි කළ පුද්ග­ල­යන්ට වගේම අවු­රුදු විස්සක් පුරා­වට මහ­ජන මුදල් අපතේ යව­මින් ඩොප්ලර් රේඩාර් පද්ධ­තිය ස්ථාපිත නොකළ අයට නෙවෙයි ද. එයින් අපේ රටට වැඩක් තිබු­ණත් නැතත්, දැන් සිද්ධ වෙලා තියෙන්නේ මහ­ජන මුද­ලක් විනාශ වීමක්. මිලි­යන දෙදා­හක් පමණ මේ වන­ විට විනාශ වෙන්න ඉඩ හැරලා. මොකද , සුනා­මි­යෙන් පස්සේ ඕක අපේ රටේ ස්ථාපිත කරන්න ඕනෑ ම කියලා සැල­සුම් කළ අය විශාල මුද­ලක් වැය කරන්න ඉඩ ඇරලා දැන් නිහ­ඬව ඉන්නවා .

ආපදා තත්ත්ව­යට පාරි­ස­රික හානි බල­පාන්නේ කෙසේද? ඒ තත්ත්ව­යන් මුදා ගන්න කෙසේ මැදි­හත් විය යුතුද ? මේවාට වග­කි­ව­යු­ත්තන් කවුද ? යන ප්‍රශ්න හමුවේ ශ්‍රී ජය­ව­ර්ධ­න­පුර විශ්ව­වි­ද්‍යා­ලයේ භූගෝල විද්‍යා අධ්‍ය­යන අංශයේ භූ රූප විද්‍යාව පිළි­බඳ මහා­චාර්ය ජින­දාස කටු­පොත මහතා සමඟ කළ සාක­ච්ඡාව.

“පසු­ගිය නොවැ­ම්බර් 25 වැනිදා සිට දෙසැ­ම්බර් දෙවැ­නිදා වගේ කාලය දක්වා ඇතිවූ ආපදා තත්ත්ව­යත් එක්ක ලංකාවේ පහත් බිම් සියල්ල ජල­යට යට වුණා. ඒ විත­රක් නොව, කඳු කඩා වැටෙ­මින් විශාල හානි­යක් රට පුරා සිද්ධ වුණා. මේ සියල්ල පද­නම් කර­ගෙන කතා කළොත්, ලංකාවේ මුහු­දට වැටෙන ගංගා සහ ඔය පාර­වල් එක­සිය තුනක් තියෙ­නවා කියලා බොහෝ­දු­රට පොත­ප­ත­ව­ලත් සඳ­හන් වෙලා තියෙ­නවා. ඒ ආචාර්ය ආරු­ගම් පවසා ඇති පරි­දියි.

නමුත් මම කොවිඩ් කාලෙදි ලංකාව වටේම දිය­ප­හ­ර­වල්, ගංගා, ඇළ දොළ සිය­ල්ලක් මුහු­දට වැටෙන මෝය කට­වල් පිළි­බ­ඳව පර්යේ­ෂ­ණ­යක් කළා. ඇත්ත වශ­යෙන්ම මුහු­දට වැටෙන මෝය කට­වල් 431 ක් තියෙ­නවා. අපි මේ මෝය කට­වල් කලාප අට­කට බෙදුවා. දැන් ඒ කට­වල් හොයා­ග­න්න­වත් බෑ. මුළු ලංකා­වම එකම ජල තල­යක් විදි­හ­ටයි තිබුණේ. දින කිහි­ප­ය­කට පසු­වයි මෝය කට නැවත පෑදුණේ. ආප­දාව කොයි­ත­රම් රෞද්‍ර ද කියලා හිතා­ගන්න පුළු­වන් ද ?

මේ වෙද්දි මුළු රටේම පුංචි පුංචි කඳු පවා නාය­ගි­හින්. ගොඩ­නැ­ඟිලි පර්යේ­ෂණ ආය­ත­නය හැමෝම දැනු­ම්වත් කළා, නාය­යෑමේ නිවේ­දන නිකුත් කළා. මේ අධික වර්ෂා­වත් එක්ක නිත­රම සිදු­වන දෙයක් තමයි නාය­යෑම. කුඩා කඳු­ගැට දිය වෙලා ඒවා නාය­ගියා. මේවට වග­කි­යන්න ඕනේ 1978න් පස්සේ ගල් වළ­වල්, බොරලු වැලි කැණීම් කළ අය.

කුඩා කුඩා ජල­වි­දුලි බලා­ගාර කඳු සිදුරු කර­මින් නළ යොද­මින් ඉදි­කළා. මේවා ඔක්කොම තම තමන්ගේ හිත­වත් අය­ටයි, පෞද්ග­ලික අය­ටයි දීලා කර­ගෙන ගියා . වැව්වල හෝටල් ගැහුවා මේවා ජාතික අප­රාධ.

1980 ගණ­න්ව­ලින් පස්සේ අහස උසට බිල්ඩින් හදන්න පටන් ගත්තා. කොළ­ඹට උහු­ලන්න බැරි­ත­රම් බිල්ඩින් හදලා මේක කොළ­ඹට දැන් දරන්න බැරි බරක්. කඳු ගැට­වල පන්සල් හදන්න පටන් ගත්තා. ඒවා­යෙහි ප්‍රති­ඵල ලැබෙන්න වැඩි ඈතක් නැහැ. මොකද ගල් තලාව සහ පස අතර තියෙන සම­තු­ලි­ත­තාව බිඳු­ණාම පස් කඳු නාය­ය­නවා.

අපි කුඩා කාලයේ පරි­ස­රය පිළි­බඳ සාමාන්‍ය දැනී­මක් ඕනෑම කෙන­කුට තිබුණා. නමුත් පාරි­ස­රික බල­පෑ­මත් එක්ක, කාල­යත් සමඟ මේ සියල්ල වෙනස් වෙලා. 1965-1970 කාල­යෙන් පසුව ඉඩම් හිඟ වෙන්න පටන් ගත්තා. 1976 විවෘත ආර්ථි­ක­යත් සමඟ අපිට ඒවාගේ බල­පෑම් එන්න පටන් ගත්තා. දේශ­පා­ල­නයේ යම් යම් තීන්දු, තීරණ මත ඔවුන් සහ ඔවුන්ගේ අනු­ගා­මි­ක­යන් සෑම දෙයක් කෙරෙ­හිම යොමු වුණා.

හයිවේ එකට කොච්චර මුදල් ආවද? අමු­ද්‍රව්‍ය කොච්ච­රක් වැය කරා ද? ඒ මුද­ලින් මුළු රටේම හයිවේ හදන්න තිබුණා. වැලි, සිමෙන්ති, කළු­ගල්, යකඩ ප්‍රධාන වශ­යෙන් ගත්තේ අපේ රටෙන් . ඒවා ගනිද්දි කොච්චර පරි­ස­ර­යට හානි වුණා ද? සංව­ර්ධන ව්‍යාපෘති ඕනේ. නමුත් ඒවා කරන ක්‍රම­වේ­ද­යක් තියෙ­නවා.

කාමරි ගඟේ වැලි

ඉන්දි­යාවේ තමි­ල්නා­ඩුවේ ඩෙල්ටා­වක තියෙන කාමරි ගඟේ ඇති­ත­රම් වැලි තියෙ­නවා. සාමා­න්‍ය­යෙන් රටේ වැලි කියුබ් එකක් 25000ක් විතර වෙද්දි, නැව් මඟින් වැලි ගේන්න පුළු­ව­න්නම් රුපි­යල් දෙද­හක් වගේ අඩු මුද­ල­කට වුණත් සප­යන්න පුළු­වන් වෙයි. මේ යෝජ­නා­වට සම­හර අය හිනා­වෙන්න පුළු­වන්. නමුත් අපේ රටේ පරි­ස­රය ගැන හිත­න­ව­නම් ඒක හොඳ ක්‍රම­යක් කිය­ලයි මට හිතෙන්නේ.

බලන්න අපේ රටේ ප්‍රධාන ගංගා, ඔය, අතු ගංගා ආදී සිය­ලුම ගංගා­ධා­ර­වල රිෂි­වේ­ෂන් ටික පහු­ගිය කාලයේ හිතු­ම­නා­පෙට ඉදි­කි­රීම් ඉදි­කළා. කැබි­නට් ඇමැ­ති­වරු, මන්ත්‍රී­වරු ගල් වළ­ව­ල්වල අයි­ති­කා­රයෝ වුණා. ඔවුන්ගේ අනු­ගා­මි­ක­යන් මේවා පව­ත්වා­ගෙන ගියා. ලංකාව වටේම කළු ගල් කැඩුවා. වැලි නිධි ටික කැපුවා, විකි­ණුවා.

කුරු­ණෑ­ගල දිස්ත්‍රි­ක්කයේ දැදුරු ඔය, නික­වැ­ර­ටිය පාල­මෙන් මෙහාට වැලි නිධි ඇති කෙරුවා. දෙප­සින්ම කැඩෙ­න්නට ඉඩ හැරියා වැලි පිරෙන්න පිරෙන්න මේ අය වැලි ගොඩ දැම්මා. දැන් මොකද වෙලා තියෙන්නේ? මුහුදු වතුර රට මැදට ඇවිත්.

කුරු­ණෑ­ගල දිස්ත්‍රි­ක්කයේ මාතලේ, මහ­නු­වර මායිමේ කඳු මුදුන් ටික මහ­නු­වර ප්‍රධා­න­පෙළේ දේශ­පා­ල­ක­යන් කපලා ගල්කොරි දැම්මා. ඒ කඳු­වැටි ඊට පස්සේ නාය­යන්න ගත්තා.

පාරි­ස­රික හානි

උමා ඔය, වලවේ ගඟ, මේ සෑම දෙයක්ම ගැන හොයා බැලු­වොත් අව­සා­න­යේදී නතර වෙන්නේ පාරි­ස­රික හානි කියන තැනින්. මේ සිය­ල්ල­ටම වග­කි­ව­යුත්තෝ 1978න් පස්සේ මේ රට පාල­නය කළ දේශ­පා­ල­කයෝ. පහු­ගිය වසර තිහක කාල­යේදී හිටපු පාල­ක­යන්, විද්ව­තුන්ගේ විශේ­ෂඥ දැනුම නොස­ලකා හැරියා. පරි­ස­රය ගැන තැකී­මක් කළේ නෑ .

මට මත­කයි 1988-89 කාලයේ නික­වැ­ර­ටිය, කඩි­ගාව ප්‍රදේ­ශ­යට මනු­ස්ස­යෙක් කර­ත්ත­ය­කින් ඇවිත් වතුර ගන්නවා. ඉස්සර ඔය ඒ විදි­යට පාවිච්චි කළේ, ඒ වතුර ෆිල්ට­ර්ව­ලට යොදා­ග­න්නයි. ගංගා­ධා­ර­වල කැලෑ, කුඹුක්, උණ ආදී වෘක්ෂ­ලතා විනාශ කළා. ගංදෑල හෝද­ගෙන ගියා. ආර­ක්ෂිත කලා­පය, රිෂි­වේ­ෂන් එක අද දකි­න්නට නෑ. 1978න් පස්සේ ඒවා සියල්ල මිනිස්සු ආක්‍ර­ම­ණය කළා. ලංකාව වටේම ජල­ත­ල­ය­කින් වැසී යන්න මේවා හේතු වුණා.

වයඹ පළාත යට­වෙන්න ප්‍රධා­න­තම හේතු­වක් දැදුරු ඔය. දැදුරු ඔය ජලා­ශයේ පිරෙ­ව්වාම ඔක්කොම ආප­ස්සට ගහ­නවා. ඒක නතර කර­ගන්න නම් වාන්දො­රටු අරින්න ඕනේ. මේවා ඉදි­ක­රන්න සැල­සුම් හදද්දි අදාළ නිල­ධා­රි­යාට මම කරුණු පැහැ­දිලි කළා. එත­කොට ඔහු කිව්වේ කරන්න දෙයක් නෑ, අපි මේ වෙද්දි සියල්ල සැල­සුම් කරලා ඉව­රයි කිය­ලයි. අද කවුද ඒකෙන් වන්දි ගෙවන්නේ.

මේ වන ­විට කතා­බ­හට ලක්වෙලා තියෙ­නවා රටෙහි ඇති­වුණු ආපදා තත්ත්වය මඟ හරව ගන්න කලින් මිනි­සුන් දැනු­ම්වත් කරා­නම් එහෙම වෙන්නේ නෑ කියලා. නමුත්, අපි සැට­ල­යිට් ඡායා­රූප බල­නවා නම්, නොවැ­ම්බර් මුල සිට සාමාන්‍ය වියළි තත්ත්වය දිග­ටම දක්නට ලැබුණා. එය කිසිම කෙනෙක් පිට දාන්න බැහැ. සුළඟ කියන දේ නිත­රම සංස­ර­ණය වෙනවා. වර්ෂාව ඇති­වීම, එය වෙනත් තැන­කට යෑම කියන කාර­ණා­වට සුළඟ බල­පා­නවා. ඒ අනු­වයි සුළි කුණා­ටු­වක් සම්බ­න්ධව වුණත් කාල­ගු­ණ­යෙන් අනා­වැකි කියන්න උත්සහ කරන්නේ. ඒ සඳ­හායි කාල­ගුණ විද්‍යා දෙපා­ර්ත­මේ­න්තුව මැදි­හත් වෙන්නෙ. නමුත්,

කාල­ගුණ අනා­වැකි

මට සැක­යක් තියෙ­නවා අවශ්‍ය තරම් කාල­ගුණ අනා­වැකි කියන්න තරම් අපේ රටේ අවශ්‍ය උප­ක­රණ තියෙ­නව ද කියලා. මීට වසර විස්ස­කට පෙර ඩොප්ලර් යාත්‍රා­වක් ස්ථාපිත කරන්න කට­යුතු කළා . මිලි­යන ගාණක මුද­ලක් අපතේ යවලා එය ස්ථාපිත කළේ නැහැ. නමුත් ඉන්දි­යාවේ කාල­ගුණ අනා­වැ­කිත් පරි­හ­ර­ණය කර­මින් යම් යම් තීර­ණ­ව­ලට එනවා .

එහෙම බල­නවා නම්, දැන් නඩු දැමිය යුත්තේ, අවු­රුදු විස්සක් පුරා­වට ලංකා­වට ගෙනාව ඩොප්ලර් රේඩර් පද්ධ­තිය ස්ථාපිත නොකර, එය විනාශ වීමට ඉඩ හරි­මින් මිලි­යන දාහක් නෙවේ දෙද­හක් පමණ මේ වන­විට විනාශ වීමට ඉඩ හැරිය අය­ටයි . මොකද, සුනා­මි­යෙන් පස්සේ ඕක අපේ රටේ ස්ථාපිත කරන්න ඕනෑය කියලා විශාල මුද­ලක් වැය කරපු එකක්.

ඩොප්ලර් යන්ත්‍ර­යක් (විශේ­ෂ­යෙන් ඩොප්ලර් රේඩාර්) යනු චලි­තය හඳුනා ගැනී­මට සහ ප්‍රවේ­ගය මැනී­මට ඩොප්ලර් ආච­ර­ණය භාවිත කරන උප­ක­ර­ණ­යක්. දේශ­ගුණ සහ කාල­ගුණ විද්‍යා­වන්හි, ඩොප්ලර් රේඩාර් වර්ෂා­ප­ත­නය, සුළං ක්ෂේත්‍ර සහ කුණාටු ගති­කය පිළි­බඳ අධි-විභේ­දන දත්ත සප­යන අතර එය කාල­ගුණ අනා­වැකි සහ දිගු­කා­ලීන දේශ­ගු­ණික රටා විශ්ලේ­ෂ­ණ­යට සහාය වෙනවා.

දිගු­කා­ලීන වර්ෂා­ප­තන වාර්තා, රේඩාර්, නිවැ­රදි වර්ෂා­ප­තන ව්‍යාප්තිය, නියඟ අධ්‍ය­යන, ගංව­තුර පුරෝ­ක­ථ­නය, සෘතු­මය වර්ෂා­ප­තන රටා, ශ්‍රී ලංකාවේ මෝසම් විශ්ලේ­ෂ­ණය ආදිය කරන්න පුළු­වන්.

කුණාටු සංඛ්‍යා­තය, සහ තීව්‍ර­තාව ඩොප්ලර් රේඩාර් ලේඛ­නා­ගා­රය දශක ගණ­නා­වක කුණාටු මාර්ග, සුළඟේ වේගය, වර්ෂා­ප­තන තීව්‍ර­තාව, දේශ­ගු­ණික විප­ර්යාස හේතු­වෙන් කුණාටු නිතර නිතර දරුණු වෙමින් තිබේද යනා­දිය පෙන්ව­නවා.

සුළං දිශාව, සුළං වේගය, සිරස් සුළං කප්පා­දුව මෙය අධ්‍ය­ය­න­යන්ට සහාය වෙනවා. මෝසම් වෙන­ස්කම්. මුහුදු සුළං රටා, වායු­ගෝ­ලීය සංස­ර­ණය වැනි දේව­ලුත් ඩොප්ලර් රේඩාර් පද්ධ­ති­ය­කින් ආව­ර­ණය වෙනවා.

පූර්ව අන­තුරු ඇඟ­වීමේ පද්ධති ඒවා දේශ­ගු­ණ­යට අදාළ ව්‍යසන අඩු කර­නවා. තද වැසි, හදිසි ගංව­තුර, නාය­යෑම්, සුළි සුළං යනා­දි­යෙහි තොර­තුරු විශ්ලේ­ෂ­ණ­යට උප­කාරි වෙනවා.

මේවා පරි­හ­ර­ණය කිරීම පිළි­බ­ඳව දැනු­මත් අපේ රටට අව­ශ්‍යයි. අඩුම තර­මින් අපේ ආස­න්න­තම රට ඉන්දි­යා­වට හෝ යවලා අපේ නිල­ධා­රීන්ට ඒ පුහු­ණුව ලබා­දිය යුතුයි. නිකං යන්ත්‍ර­යක් විත­රක් ස්ථාපිත කරලා වැඩක් නෑ. දැන් ජපා­නයේ මැදි­හ­ත්වී­මෙන් පුත්ත­ලම ප්‍රදේ­ශයේ ඩොප්ලර් රේඩාර් පද්ධ­ති­යක් ඉදි­කි­රී­මට ආරම්භ කර තියෙ­නවා. ඒ වගේම අඩි පන්ද­හ­ස­කට වැඩි භූමි­වල ඉදි­කි­රීම් පිළි­බ­ඳව ජනා­ධි­ප­ති­ව­රයා කතා කර­නවා . ඒක හොඳ දෙයක්. බ්‍රිතාන්‍ය පාලන කාලයේ අපේ කඳු­කර ප්‍රදේ­ශයේ වගා කළා. නමුත් ඒ අය සෑම පාර­ක­ටම, ජල මාර්ග­ය­ක­ටම රිෂි­වේ­ෂන් එකක් තැබුවා. අද ඒවා කෝ?. මේ සියල්ල පරි­හ­ර­ණය කරන්න දේශ­පා­ල­නය බල­පෑවා. ඒවා­යෙහි අතුරු ඵල අද අත්වි­ඳි­මින් ඉන්නවා.

ඩොප්ලර් රේඩාර් පද්ධ­තිය

දැන් නඩු දැමිය යුත්තේ, 78න් පස්සේ පරි­ස­ර­යට හානි කළ පුද්ග­ල­යන්ට වගේම අවු­රුදු විස්සක් පුරා­වට මහ­ජන මුදල් අපතේ යව­මින් ඩොප්ලර් රේඩාර් පද්ධ­තිය ස්ථාපිත නොකළ අයට නෙවෙයි ද. එයින් අපේ රටට වැඩක් තිබු­ණත් නැතත්, දැන් සිද්ධ වෙලා තියෙන්නේ මහ­ජන මුද­ලක් විනාශ වීමක්. මිලි­යන දෙදා­හක් පමණ මේ වන­විට විනාශ වෙන්න ඉඩ හැරලා. මොකද , සුනා­මි­යෙන් පස්සේ ඕක අපේ රටේ ස්ථාපිත කරන්න ඕනෑ ම කියලා සැල­සුම් කළ අය විශාල මුද­ලක් වැය කරන්න ඉඩ ඇරලා දැන් නිහ­ඬව ඉන්නවා .

ඒ වගේම තමයි , ඉදි­කි­රීම් කට­යු­තු­ව­ලට අර මම කීව ඉන්දි­යාවේ කාමෙන් ගඟේ වැලි නැව් මඟින් ගේන්න පුළු­වන් නම් මේ රටේ පරි­සර පද්ධ­ති­යට වෙන හානිය අවම කර­ගන්න පුළු­වන්.

මට අහඹු ලෙස අව­ස්ථා­වක් ලැබුණා. බදුල්ල දිස්ත්‍රික් සම්බ­න්ධී­ක­රණ කමිටු රැස්වී­මේදී බදුල්ලේ කන්දක් මුදුනේ පන්ස­ලක් හැදීම සම්බ­න්ධව කතා කරන්න. එත­කොට එහි මහ ඇමැ­ති­ව­රයා විදි­හට හිටියේ දැන් පාර්ලි­මේ­න්තුවේ ඉන්න මන්ත්‍රී­ව­ර­යෙක්. එදා ඒ දේශ­පා­ල­ක­යන් වගේම නිල­ධා­රීන් දැනු­ම්වත් වුවත්, ඒවා නතර කිරීමේ හැකි­යා­වක් ලැබුණේ නෑ. ඒ නිසා නීති­යක් ගෙනා යුතුයි, ඉහළ කඳු මුදු­න්වල පන්සල්, පල්ලි කෝවිල්, හෝටල් හැදීම තහ­නම් කරලා .

මහා පරි­මාණ භූ කම්ප­න­යක් සිදු­වු­ණොත් ඔය කතා මොකුත් නැහැ ඒවට උත්තර ලැබෙ­නවා. කොට­සක් මහා පරි­සර හානි කරද්දී , අනිත් අය මේවා නිහ­ඬව බලා­ගෙන හිටියා. මේ නිසා කාල­ගු­ණික තත්ත්ව­යන් වෙනස් වෙලා .

මහා­චාර්ය අයි­වන් සිල්වා සමඟ මධ්‍යම කඳු­ක­රයේ කුඩා ජල­වි­දුලි බලා­ගාර පිළි­බ­ඳව අපි බලන්න ගියා. එත­කොට අපි දැක්ක දෙයක් තමයි පුංචි කඳු­ගැට කපලා බට ලයින් දානවා . මේවා නිසා මධ්‍යම කඳු­ක­රයේ භූ රූප වෙනස් වෙනවා . දේශ­ගු­ණික තත්ත්ව­යන් වෙනස් වෙනවා. මේ සියලු ක්‍රියා­කා­ර­කම් මේ ආප­දා­වට හේතු වුණා කියන එක පැහැ­දි­ලියි .

ඒ විත­රක් නෙවෙයි, මේ පාරි­ස­රික හානි­යට වග­කි­ව­යුතු දේශ­පා­ල­ක­යන්ගේ අඩුම තරමේ පහු­ගිය වසර දහ­යක, පහ­ළො­ව­ක­වත් කළු­ගල් කඩන්න, වැලි කැණීම් කරන්න බල­පත්‍ර ලබා­ගත්, දේශ­පා­ල­ක­යන්ගේ වත්කම් පවා සොයා බලා, ඊට නීති­මය ක්‍රියා­මාර්ග ගන්නවා නම් හොඳයි කිය­ලයි මගේ අද­හස.”

චාන්දනී දිසා­නා­යක දිනමිණ පුවත්පතෙනි.