සජබ මහලේකම්ගෙන් ‘සුබ පණිවිඩයක්’

en.newswave.lk sjb continues to play the role of opposition no support for ranil sjb continues to play the role of opposition no support for ranil

සමගි ජන බල­වේ­ගය සහ එක්සත් ජාතික පක්ෂය අනි­වා­ර්ය­යෙන්ම එකතු වෙන බව සමගි ජන බල­වේ­ගයේ මහ­ලේ­කම් පාර්ලි­මේන්තු මන්ත්‍රී රංජිත් මද්දු­ම­බ­ණ්ඩාර පව­සයි.

සමගි ජන බල­වේග ප්‍රධාන කාර්යා­ලයේ ඊයේ (01) පැවැති ජනමාධ්‍ය හමු­වට සහ­භාගි වෙමින් සමගි ජන බල­වේ­ගයේ මහ­ලේ­කම් පාර්ලි­මේන්තු මන්ත්‍රී රංජිත් මද්දු­ම­බ­ණ්ඩාර මේ බව ප්‍රකාශ කළේය.

වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ හෙතෙම මෙසේ ද පැවැ­සීය.

“එක්සත් ජාතික පක්ෂ­යත් සමගි ජන බල­වේ­ග­යත් එකතුවිය යුතුයි යන මතයේ එක්සත් ජාතික පක්ෂයේ පාක්ෂි­ක­යන් සහ සමගි ජන බල­වේ­ගයේ පාක්ෂි­ක­යන් සිටි­නවා. සජිත් ප්‍රේම­දාස මහතා ඒ සඳහා වන සාක­ච්ඡා­වල වග­කීම ගෙන තිබෙ­නවා. ඒ සාකච්ඡා ඉදි­රි­යට ගමන් කර­නවා. ඒ අනුව එම සාකච්ඡා සාර්ථක වෙමින් තිබෙ­නවා. සුදුසු වේලා­වේදී පක්ෂ දෙක එකතු වීම සිදුවෙයි. ඒ වගේම පක්ෂ දෙක එකතු වෙලා සන්ධා­න­යක් ලෙස කට­යුතු කර­න්නත් පුළු­වන්. ඒ වගේම නායකත්වයට වැඩිම ජනතා කැමැත්ත තිබෙන්නේ විපක්ෂ නායක සමගි ජන බල­වේ­ගයේ නායක සජිත් ප්‍රේම­දාස මහ­තාට.

ඒ වගේම රනිල් වික්‍ර­ම­සිංහ මහ­තාගේ දේශ­පා­ලන පරි­ණ­ත­භා­ව­ය­ටත් වටි­නා­ක­මක් දිය යුතුයි. කෙසේනමුත් සමගි ජන බල­වේ­ගය සහ එක්සත් ජාතික පක්ෂය අනි­වා­ර්ය­යෙන්ම එකතු වෙනවා. ඒ වගේම පළාත් සභා මැති­ව­ර­ණ­යේදී වැඩි ඡන්ද ප්‍රමා­ණ­යක් සමගි ජන බල­වේ­ග­යට සහ එක්සත් ජාතික පක්ෂ­යට ගැනී­මට හැකි වෙනවා. මේ වසර තීර­ණා­ත්මත වස­රක්. ඒ නිසා ආණ්ඩුවේ තරම බලා­ගැ­නී­මට පළාත් සභා මැති­ව­ර­ණය පව­ත්වන ලෙස සමගි ජන බල­වේ­ගය ආණ්ඩු­වෙන් ඉල්ලා සිටි­නවා. පළාත් සභා මැති­ව­ර­ණය පව­ත්වන්න නීති­යෙන් බාධා­වක් තිබෙ­නවා නම්, ඒ සඳහා ආණ්ඩු­වට අවශ්‍ය සහාය ලබා­දෙන්න සමගි ජන බල­වේ­ගය සූදා­නම්. වංචා, දූෂණ පනත ගෙන ඒමට කට­යුතු කළෙත් යහ­පා­ලන රජය. ඒ වගේම රටේ වංච­නි­ක­යන් දූෂි­ත­යන් නීතිය හමු­වට ගෙන ඒමේදී ආණ්ඩුව ගන්න ක්‍රියා­මා­ර්ග­ව­ලට සමගි ජන බල­වේ­ගය රජ­යට උප­රිම සහාය ලබා­දෙ­නවා. ඒ වගේම දූෂණ, වංචා චෝදනා සඳහා විශේෂ අධි­ක­ර­ණ­යක් ආණ්ඩුව පිහි­ටු­විය යුතුයි.