හරිනි ගැන අනුරගෙන් තීන්දුවක්

516026773 1288180076648765 8179781285050865374 n

කෙතරම් බලපෑම් එල්ල වුවද ඒ කිසිවක් නොතකා අගමැතිවරිය තවදුරටත් එම තනතුරේ තබාගැනීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තීරණය කොට ඇත.විපක්ෂය ඇතුළු පාර්ශ්වයන් ගණනාවක්ම ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබුණේ වහාම ක්‍රියාත්මක වන පරිදි අගමැතිවරිය එම තනතුරෙන් ඉවත් කිරීමට පියවර ගන්නා ලෙසය.පසුගිය සතිය වනවිට නව අගමැතිවරයා ලෙස විජිත හේරත් මහතා පත්කළ යුතු බවටත්, හරිනි අමරසූරිය හට විදේශ අමාත්‍ය ධුරය ලබාදිය යුතු බවටත් වශයෙන් යෝජනාවක්ද ආණ්ඩුව වෙත ඉදිරිපත්ව තිබිණි. එහෙත්,ජනාධිපතිවරයා ඇයව තවදුරටත් එම තනතුරේ තබන්නට තීන්දුකොට ඇත.