ආපදා තත්ත්වයෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම සහ හානි පූර්ණය සඳහා ආණ්ඩුව රුපියල් බිලියන 1000ක් වැය කිරීමට බලාපොරොත්තු වන බව පැවසේ.
එහිදී ලබන වසරේදී (2026) රුපියල් මිලියන 600ක් වැය කරන බවත් ඉතිරිය ඉන්පසුව වැය කිරීමට ආණ්ඩුව තීරණය කර තිබෙන බවත් වාර්තා වෙයි.
ආපදා තත්ත්වය සිදුවූ මුල් දින 20ක් වැනි කාලයේදී ආණ්ඩුව රුපියල් බිලියන 50ක් ඒ වෙනුවෙන් යොදා ඇතැයි මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු ඇමැති ආනන්ද විජේපාල මහතා කියයි. ජනතාවට සහන සැලැස්සීමට මෙතෙක් විදෙස් ආධාර මුදල් යොදා නොගත් බව ද , විදෙස්වලින් ලද භාණ්ඩමය ආධාර පමණක් මේ වනවිට ජනතාවට බෙදාදීමට කටයුතු කර ඇතැයි ද ආනන්ද විජේපාල මහතා වැඩිදුරටත් පැවසීය.