ලංකාවේ හදිසි ඉල්ලීමට IMF ප්‍රතිචාරය මෙන්න

imf sri lanka 782272

දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ විනාශයෙන් පසු ඇති වූ අභියෝගවලට මුහුණ දීම සඳහා හදිසි මූල්‍යය පහසුකම (RFI) යටතේ ශ්‍රී ලංකාව විසින් සිදුකළ අමෙරිකානු ඩොලර් මිලියන 200ක ඉල්ලීමට ප්‍රමුඛත්වය ලබාදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තීරණය කර ඇත.

මෙම හදිසි මූල්‍යය පහසුකම යටතේ ඇති සහාය ශ්‍රී ලංකාවේ විස්තීර්ණ අරමුදල් පහසුකම යටතේ ලබාදෙන ණය පහසුකමට අමතරව ලබා දෙන මූල්‍ය පහසුකමක් බව ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නිවේදනය කර තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මාධ්‍ය ප්‍රකාශකවරයා දෙසැම්බර් 07) වැනිදා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ විස්තීරණ අරමුදල් පහසුකම (EFF) යටතේ ශ්‍රී ලංකාවේ පස්වන සමාලෝචනය සම්පූර්ණ කිරීම සඳහා සාකච්ඡා නැවත ආරම්භ කිරීමට 2026 වසර ආරම්භයේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවය.