චාමර ආණ්ඩුවට ‘චාමර සලයි‘

grsbqd3xqaeyynv

හිටපු ජන­පති ජේ.ආර්. ජය­ව­ර්ධන මහ­තා­ගෙන් පසුව නිර්මා­ණය වූ හොඳම ආණ්ඩුව, ජාතික ජන බල­වේග ආණ්ඩුව බව පාර්ලි­මේන්තු මන්ත්‍රී චාමර සම්පත් දස­නා­යක මහතා පැවැ­සීය.

ඔහු මේ බව සඳ­හන් කර සිටියේ සිකු­රාදා (05) පාර්ලි­මේ­න්තුවේ අය-වැය ඡන්ද විම­සී­මෙන් අන­තු­රුව පිටව යන අව­ස්ථාවේ පාර්ලි­මේන්තු බිම් මහ­ලේදී මාධ්‍ය­වේ­දීන් ඇසූ ප්‍රශ්න­ව­ලට පිළි­තුරු ලබා­දෙ­මිනි.

එහිදී ඔහු වැඩි­දු­ර­ටත් කියා සිටියේ,

“ජනා­ධි­ප­ති­තුමා කතා­වේදී ඉතින් දෙන්න පොරොන්දු වුණා. මිනිස්සු බලා­පො­රො­ත්තු­වෙන් ඉන්නෙත් ඕවා තමයි. දෙන්න පොරොන්දු වුණා. දැන් දෙන­කම් බලන් ඉන්නවා. හොඳයි. මිනි­සුන්ට ලැබෙන්න ඕන, අපේ පළාතේ මිනි­සුන්ගේ ඒවා ගොඩාක් විනාශ වුණා. මගේ කතා­වෙදි කිව්වෙත් මං ඒක තමයි. ඉඩම් දෙන්න ඕනේ, ගෙවල් දෙන්න ඕනේ, හැම­දෙ­යක්ම දෙන්න ඕනේ, දැන් වෙලා තියෙන තත්ත්වය එක්ක.

ඒවා දෙන­ව­නම් අපි සතුටු වෙනවා. ඒක දෙන්න ඕනේ. හැම ආණ්ඩු­වක්ම මෙහෙ­මයි. සුනාමි ආවා, විනාශ වුණා. ඒ ගෙවල් හැදුවා. නැවත පදිංචි කළා. රට දියුණු වුණා. ඒ වගේම විනාශ වෙච්ච හැම කාලෙ­ක­දිම රට යථා තත්ත්ව­යට පත්වුණා. ඉතින් මේකෙ­දිත් රට යථා පත්වෙන්න මේ ආණ්ඩු­වට, ජනා­ධි­ප­ති­තු­මාට මහන්සි වෙන්න වෙනවා.

LTTE එකෙන් විනාශ වෙච්ච උතුර මහින්ද රාජ­පක්ෂ මහ­ත්තයා, චන්ද්‍රිකා මැඩම්ලා හැදුවා. ඊළ­ඟට සුනා­මිය චන්ද්‍රිකා මැඩම්ගේ කාලේ. මහින්ද මහ­ත්ත­යගේ කාලේ යුද්දේ තිබ්බ ඒවා හැදුවා උතුර නැ‍ඟෙන­හිර. නැවත පදිංචි කළා. පාර­වල් හැදුවා. ඒ වගේ දේවල් කරන්න ඕනේ ඉතින්. යෝජිත සහන වැඩ­පි­ළි­වෙ­ළට සහාය දෙන­වා­දැයි මාධ්‍ය­වේ­දීන් කළ විම­සී­මට පිළි­තුරු දෙමින් පැව­සුවේ,

Òආණ්ඩු­වට අපි සහ­යෝ­ගය දෙන්න ඕනේ නෑනේ. ජන­තාව 159ක් ඉන්න හොඳ ආණ්ඩු­වක් පත් කර­ගෙන තියෙ­නවා. ජේ.ආර්.ගෙන් පස්සේ බිහි වුණු හොඳම ආණ්ඩුව මේ, අපි අඩු-පාඩු පෙන්වා දෙමින් පොරොන්දු ඉටු­ක­ර­නවා දැයි බලා­සි­ටි­නවා”යනු­වෙනි.

වසර කිහි­ප­යක් ජාතික සභා­වක් ලෙස රජ­යට සහාය වන ලෙස ජනා­ධි­ප­ති­තුමා කළ යෝජ­නාව ගැන මාධ්‍ය­වේ­දීන් විමසූ අතර චාමර සම්පත් මහතා පැව­සුවේ ඒ සම්බ­න්ධ­යෙන් ජනා­ධි­ප­ති­තුමා පක්ෂ නාය­ක­යන් සමඟ සාකච්ජා කර තීන්දු­ව­කට පැමි­ණිය යුතු බවයි.