මාර්ග සංවර්ධනයේදී මාර්ග සංවර්ධන අධිකාරිය, පළාත් මාර්ග සංවර්ධන දෙපාර්තමේන්තුව සහ පළාත් පාලන මාර්ග ලෙස බෙදා වෙන් නොකර, සියලු මාර්ග ප්‍රතිසංස්කරණ කටයුතු සමාන්තරව සිදු කිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ සඳහා ලබා දී ඇති ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවන්නේ නම් අවශ්‍ය ප්‍රතිපාදන ඉල්ලා සිටින ලෙසද නිලධාරීන්ට දැනුම් දුන්නේය.
එමෙන්ම දිස්ත්‍රික්කයේ ස්ථීර ප්‍රතිසංස්කරණ අවශ්‍ය සමස්ත මාර්ග පිළිබඳ ඇස්තමේන්තුවක් සකස් කර ඉදිරිපත් කරන ලෙසද උපදෙස් දුන් ජනාධිපතිවරයා ජනවාරි මාසය වන විට එම කටයුතු ආරම්භ කිරීමට ප්‍රතිපාදන ලබාදිය හැකි බව සඳහන් කළේය.
ආපදා තත්ත්වය හේතුවෙන් බිඳවැටුණු දිස්ත්‍රික්කයේ විදුලි සේවා සැපයුම්වලින් 90%ක් මේ වන විට යථා තත්ත්වයට පත් කර තිබෙන බව සඳහන් කළ නිලධාරීහු ඉතිරි ඒවාද කඩිනමින් යථා තත්ත්වයට පත් කරමින් සිටින බවත්, දිස්ත්‍රික්කයේ ජල සැපයුම අවශ්‍ය පරිදි ලබා දීමට පියවර ගෙන ඇති බවත් පෙන්වා දුන්හ.