‘අත’ ආයෙත් කැඩී සීසීකඩ යන හැඩ

slfp 1200px 22 11 21

ශ්‍රීලංකා නිදහස් පක්ෂය පාර්ශව කිහිපයකගේම යටතට පත්ව ඇති අතර මෛත්‍රී පිල,චන්ද්‍රිකා පිල,නිමල් පිල,අනුරයාපා පිල,දයාසිරි පිල ආදී ලෙස විවිධ පාර්ශව වලට වෙන්වී තිබේ.

මේ අතර,ශ්‍රීලනිප ජාතික සංවිධායක ලෙස චාමර සම්පත් පත් කිරීමත් සමඟ පක්ෂ අභ්‍යන්තරයේ ප්‍රශ්න පුපුරණ මට්ටමට පත්ව ඇතැයි වාර්තා වේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොළෂ දිස්ත්‍රීක් නායකයා ලෙස කටයතු කල පා.ම ෆයිසර් මුස්තාපා මහතා එම තනතුරෙන් ඉවත්කර හිටපු අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා එම තනතුර සඳහා පත්කර ඇති අතර,මහරගම ආසන සංවිධායක, කොළඹ දිස්ත්‍රික් නායක, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ⁣යේ දේශපාලන මණ්ඩල සාමාජික යන තනතුරු ඔහුට ලබාදී තිබේ.විජයදාස රාජපක්ෂ මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ⁣ජ්‍යෙෂ්ඨ උප සභාපති ධුරයක් ලබාදීමට කටයුතු කරන බවත්මෙ වැඩිදුරටත්හි වාර්තා වේ. මෙහි ප්‍රතිපලයක් ලෙස දයාසිරි ජයසේකර,ෆයිසර් මුස්තෆා වැනි අය දැඩි තීරණයකට සැරසෙමින් සිටින බවත්, ඉතාම ඉක්මනින් දේශපාලන තීන්දුවක් ගැනීමට සූදානමින් සිටින බවත් පැසසේ.