මිලියන 200 හරි. ඒත්, බිලියන 500ට කොස්සක්!

imf 1450 1024x494

බොහෝ දුරට ආණ්ඩුව විසින් ආපදා කළමනාකරණය සඳහා ඉල්ලා සිටින ලද ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක මුදල ප්‍රදානයක් වශයෙන් ලංකාවට හිමිවනු ඇති බව වාර්තා වන අතර, නමුත් ආණ්ඩුව විසින් සැලසුම් කර ඇති රුපියල් බිලියන 500ක පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කිරීමේ යෝජනාවට තවමත් මූල්‍ය අරමුදලේ අනුමැතිය හිමිව නැතැයි පැවසේ.

ලබන ජනවාරි මාසය වනතුරු මෙම මුදල් වෙන්කිරීමේ තීරණය පමා කරන ලෙස මූල්‍ය අරමුදල ආණ්ඩුවට දැනුම් දී ඇති බව වාර්තා වෙයි.

මේ පිළිබඳව සාකච්ඡාවක් සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂවරිය වන ක්‍රිස්ටලිනා ජෝර්ජියාවා  අතර දුරකතන සංවාදයකට ඉකුත් සිකුරාදා වේලාව වෙන්කරගෙන තිබූණද එය අවලංගු වී තිබේ.