නොබෙල් අහිමි වූ ට්‍රම්පට කොරියාවෙන් සැනසිලි තෑගි

South Korea awards Trump highest award

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්පට අද (29) දකුණු කොරියාවේ ඉහළම ජාතික ගෞරව සම්මානය ප්‍රදානය කර තිබෙනවා.

ජනාධිපති ට්‍රම්ප් මෙවර නොබෙල් සාම ත්‍යාගය අපේක්ෂාවෙන් සිටි බව ඔහු විසින්ම කිහිපවරක් මාධ්‍ය ඉදිරියේ ප්‍රකාශ කලද නොබෙල් සාම ත්‍යාගය හිමිකර ගැනීමට ඔහුට හැකියාව ලැබුනේ නෑ.

කෙසේවෙතත්, “මුගුන්හ්වා මහා පදවිය” ලෙස හදුන්වන මෙම සම්මානය ලබා ගත් පළමු එක්සත් ජනපද ජනාධිපතිවරයා ට්‍රම්ප් වන අතර මම සම්මානය රාජ්‍ය නායකයින් හෝ ඔවුන්ගේ කලත්‍රයන් සඳහා පමණක් වෙන්කර ඇති ඇගයීමකි.

මෙම සම්මානය කොරියානු අර්ධද්වීපයේ සාමය හා ස්ථාවරත්වය සඳහා එක්සත් ජනපදයේ දිගුකාලීන කැපවීම සලකුණු කරන ඉතිහාසගත සිදුවීමක් ලෙස සැලකේ. APEC සමුළුවේදී මෙම සම්මානය ප්‍රදානය කිරීම කලාපීය සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කරනු ඇත.