රටම එකට’ මත්ද්‍රව්‍ය මෙහෙයුමේ ආරම්භක උත්සවය පැවැත්වුණේ ඉකුත් බ්‍රහස්පතින්දා කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදීය.
පොලිසියේ ඉතා සොච්චමක් පාතාලයට උදව් කරනවා. හමුදාවේත් ඉතා සුළු පිරිසක්…… හමුදා කර්නල්වරයෙක් පාතාලයට ආයුධ සපයලා… ඔහුගේ ගිණුමට පාතාලයෙන් මුදල් ඇවිත්. රජය සතු ගිනි අවි පොලිසියේ මහත්තයෙක් විකුණලා පලා යනවා. අතළොස්සක පිරිසක් කරන මේ කටයුතු නිසා කළු රාජ්‍යයක් නිර්මාණය වෙලා… නිල රාජ්‍ය යාන්ත්‍රණය තරම් නොවුවත් ඒ හා සමාන රාජ්‍ය යාන්ත්‍රණයක් පාතාලය විසින් සපුරාගෙන’ යැයි ද එම උත්සවයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළේය.
පාතාලය ගොඩනැගීමට හේතු කාරක වූ සිදුවීම් ගැනද රජය අධ්‍යයනයක නියැලී තිබේ. ඒ අනුව අනාරක්ෂිතව සිටින දරුවන් වැඩි වූ රට පාතාලයට ගොදුරු වන බව නිරීක්ෂණය වී ඇත. මව හා පියා ළඟ නොමැති දරුවන් දාහත්දහසක් සිටින බව රජය සඳහන් කරයි. ඒ අනුව එම දරවන් පාතාලය හා මත්ද්‍රව්‍ය වෙත යාම වැළැක්වීමේ වැඩපිළිවෙලක්ද මේ වන විට ආරම්භ කර ඇත.