18 පාර්ලිමේන්තුව තීරණාත්මකයි

screen shot 2020 12 08 at 2.39.54 pm

දෙසැම්බර් මස 18වනදා පාර්ලිමේන්තුව කැඳවමින් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඊයේ (12) රාත්‍රියේ අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබීය.

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ ඉල්ලීම පරිදි පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවල 16 ස්ථාවර නියෝගය ප්‍රකාරව දෙසැම්බර් 18වන බ්‍රහස්පතින්දා පෙ.ව. 9.30ට පාර්ලිමේන්තුව කැඳවන ලෙස අදාළ නිවේදනයේ දැක්වේ. එදිනට රුපියල් බිලියන 500ක පරිපූරක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට සම්මත කරගැනීමට ජනාධිපතිවරයා සූදානමින් සිටින බවත් වාර්තා වේ.