ශ්‍රී ලංකා ඉතිහාසයේ එල්ල වූ විශාලතම ස්වාභාවික ව්‍යසනය ලෙස සැලකෙන ‘ඩිට්වා’ සුළි කුණාටුවේ බලපෑම හමුවේ, ශ්‍රී ලංකාවේ විදෙස් ණය ගෙවීම් වහාම අත්හිටුවිය යුතු බව ජාත්‍යන්තර ආර්ථික විශේෂඥයින් පිරිසක් ප්‍රකාශ කර තිබෙනවා. නොබෙල් ත්‍යාගලාභී ජෝසප් ස්ටිග්ලිට්ස් (Joseph Stiglitz) ඇතුළු විද්වතුන් 120 දෙනෙකුගේ අත්සන් සහිතව නිකුත් කළ විශේෂ නිවේදනයක් මගින් ඔවුන් පෙන්වා දෙන්නේ,
මේ මොහොතේ ණය ගෙවීම යනු විපතට පත් ජනතාව තවදුරටත් පීඩාවට පත් කිරීමක් බවයි.
මේ විනාශය හමුවේ, රටේ ආර්ථිකය ගොඩනැගීමට තිබූ සීමිත මූල්‍ය අවකාශය සම්පූර්ණයෙන්ම අහිමි වී ඇති බව ආර්ථික විද්වතුන් පෙන්වා දෙනවා. ඇමරිකානු ඩොලර් බිලියන 9ක ණය ගෙවීම් ප්‍රතිව්‍යුහගතකරණය පසුගිය වසරේ සිදු කෙරුණත්, වත්මන් ව්‍යසනය හමුවේ එම සැලසුම් තවදුරටත් වලංගු නොවන බව ඔවුන්ගේ මතයයි.



ප්‍රංශ ආර්ථික විද්‍යාඥ තෝමස් පිකෙටි සහ ඉන්දීය විද්‍යාඥ ජයති ඝෝෂ් වැනි ප්‍රවීණයන් ද මෙම ලිපියට අත්සන් තබා තිබෙනවා.
ඔවුන් පවසන්නේ ගෝලීය උණුසුම ඉහළ යාම නිසා මෙම ආපදා තත්ත්වය උග්‍ර වී ඇති බවත් බ්‍රිතාන්‍ය රජය මේ වන විටත් පවුම් මිලියනයක ආධාර ලබා දී ඇති අතර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ද හදිසි ණය මුදලක් ලබා ගැනීමට රජය කටයුතු කරමින් සිටින බවත් ය.