ගජේන්ද්‍රන් අමුතු ගේමක

img 20250301 wa0028

පක්ෂ නායක යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම්ගේ නායකත්වයෙන් යුත් දෙමළ ජාතික ජනතා පෙරමුණේ නියෝජිත පිරිසක් සහ යාපනයට පැමිණි ඉන්දීය මන්ත්‍රී ආචාර්ය ටී. තිරුමවලවන් අතර මෑතකදී පැවති හමුවකදී පවසා ඇත්තේ, දෙමළ ඊලම නමින් හැඳින්වුණු විකල්පයට පිළිගත හැකි ස්ථිර දේශපාලන විසඳුමක් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව කෙරෙහි තම බලය භාවිත කරන ලෙසය.

කාර්තිගයි වාසම් මල් ප්‍රදර්ශනය විවෘත කිරීම සඳහා ඔවුන් යාපනයට පැමිණ තිබිණි.

තමිල්නාඩුවේ විඩුතලෙයි චිරුතයිගල් කච්චි හි නායක ආචාර්ය තිරුමවලවන්, තමිල්නාඩු පාලක සන්ධානයේ ප්‍රධාන හවුල්කරුවෙකි.

රැස්වීමෙන් පසු අදහස් දක්වමින් පොන්නම්බලම් පැවසුවේ ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් කර වසර තිස් නවයක් ගත වී ඇතත්, තමන් එකඟ වූ කරුණු පවා ක්‍රියාත්මක කිරීමට අනුප්‍රාප්තික රජයන් අපොහොසත් වී ඇති බවයි.

ඒ වෙනුවට ශ්‍රී ලංකා රාජ්‍යය 13 වැනි සංශෝධනයේ පටු සහ ප්‍රමාණවත් නොවන රාමුව මත විශ්වාසය තබා, අර්ථවත් දෙමළ ස්වයං පාලනයක් සඳහා ඉඩක් නොතබන දැඩි ඒකීය ව්‍යවස්ථාවක් සඳහා යොමුව සිටින බව මන්ත්‍රීවරයා පැවසීය.

මෙම අසාර්ථකත්වය නිසා වගවීමක් හෝ සැබෑ ස්වයං පාලනයක් ලබා නොදෙන යල් පැන ගිය ව්‍යුහයෙන් ඔබ්බට යෑමට නොහැකිව දෙමළ දේශපාලනය සිර කර තබා ඇති බව ඔහු අවධාරණය කළේය.

ශ්‍රී ලංකාවේ ගැඹුරු ආර්ථික අර්බුදය හමුවේ ඉන්දියාවේ සහාය නොමැතිව ශ්‍රී ලංකාවට තම ආර්ථිකය නැවත ගොඩනැගිය නොහැකි බවත්, ඉන්දියාවට එරෙහිව වරක් උද්ඝෝෂණය කළ දකුණේ දේශපාලන බලවේග මේ වන විට මූල්‍ය අවශ්‍යතාවයෙන් නවදිල්ලිය සමඟ සහයෝහයෙන් කටයුතු කිරීමට බල කෙරී ඇති බවත් පොන්නම්බලම් පැවසීය.