සජිත් බුදුපිළිමය කරට ගනී!

sajith

වහාම ක්‍රියා­ත්මක වන පරිදි ජන­ප­තිගේ මැදි­හ­ත්වී­මෙන් ජාතික ඒකා­ග්‍රතා කමි­ටු­වක් ස්ථාපිත කළ­යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස මහතා පාර්ලි­මේ­න්තු­වේදී ඊයේ (18) ප්‍රකාශ කළේය.

විස­ර්ජන පනත් කෙටු­ම්පත (2026) අය – වැය කාරක සභා අව­ස්ථාවේ විවා­ද­යට එක්වෙ­මින් ඒ මහතා මේ බව සඳ­හන් කළේය. ආර­ක්ෂක අමා­ත්‍යාං­ශයේ සහ මහ­ජන ආර­ක්ෂක හා පාර්ලි­මේන්තු කට­යුතු අමා­ත්‍යාං­ශයේ වැය ශීර්ෂ සම්බ­න්ධ­යෙන් මේ විවා­දය පැවැ­ත්විණි.

එහිදී වැඩි­දු­ර­ටත් සජිත් ප්‍රේම­දාස මහතා මෙසේද පැව­සීය.

ත්‍රිකු­ණා­ම­ලය විහා­ර­ස්ථා­න­යක සිදුවූ සිද්ධිය ජාතික ආර­ක්ෂා­වට හිත­කර දෙයක්ද අහි­ත­කර දෙයක්ද. මේ සඳහා පූජා භූමි ඔප්පු ලැබී තිබෙ­නවා. නමුත් බුදු පිළි­මය ඉවත් කරන්න තිබෙන අයි­තිය කුමක්ද. පස්සේ ආපසු ගෙන­විත් බුදු පිළි­මය තැන්පත් කර තිබෙ­නවා. බුද්ධ ශාස­න­යට ලැබෙන ප්‍රමු­ඛ­ත්වය අපි දන්නවා. මේ තත්ත්වය තුළදී වහාම ක්‍රියා­ත්මක වන පරිදි ජාතික ඒකා­ග්‍රතා කමි­ටු­වක් ස්ථාපිත විය­යුතු වෙනවා. ඒක රටේ ජනා­ධි­ප­ති­ව­රයා ක්‍රියා­ත්මක කළ යුතුයි. මෙවැනි ප්‍රශ්න පැමිණි පසුව පොලී­සි­ව­ලට භාර දී වැඩක් නැහැ. මේවා ලෙහෙසි ප්‍රශ්න නොවෙයි. සෙසු ආග­ම්වල ගැටලු එන­විට අපි ඒ ගැනත් කට­යුතු කර තිබෙ­නවා. අද බෞද්ධා­ගම විකෘති කරන පිරි­සක් ඉන්නවා. මේ නිසා ජාතික ඒකා­ග්‍රතා කමි­ටු­වක් පත්කළ යුතු වෙනවා. අපි ගිනි තියන්න හොඳ නැහැ. ගින්න නිවා දැමිය යුතු වෙනවා. ආර­ක්ෂක අංශ මෙවැනි ප්‍රශ්න සඳහා ඇඟිලි ගැසී­මට පෙර ප්‍රශ්න­යෙන් පැන යන්නේ නැතිව කට­යුතු කළ­යුතු වෙනවා.