සුපිරි ක්‍රිකට් ක්‍රීඩක shreyas iyer දැඩි සත්කාර ඒකකයට

shreyas iyer

ඉළ ඇටයක ඇති වූ ආබාධයක් හේතුවෙන් අභ්‍යන්තර රුධිර වහනයක් නිසා ඉන්දීය එක්දින ජාත්‍යන්තර උප නායක ශ්‍රෙයාස් අයියර් සිඩ්නි හි රෝහලකට ඇතුළත් කර ඇති අතර ඔහු මේ වන විට දැඩි සත්කාර ඒකකයේ (ICU) සිටින බවයි පැවසෙන්නේ.

2025 ඔක්තෝබර් 25 වන සෙනසුරාදා පැවති තුන්වන ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර එක්දින තරගයේදී මෙම ආබාධය ඇති විය. ඕස්ට්‍රේලියානු කඩුලු රකින්නා වන ඇලෙක්ස් කේරි දැවී යාම සඳහා පසුගාමී ලක්ෂ්‍යයේ සිට පසුපසට දිව යමින් සිටියදී අයියර් දක්ෂ උඩ පන්දුවක් ලබාගෙන තිබුණි.

ඒ අනුව ඔහුව රෝහල්ගත කිරීමෙන් පසු අභ්‍යන්තර රුධිර වහනයක් හඳුනාගෙන තිබේ

ඔහුගේ පපුවේ වම්පස ඉල ඇට කූඩුව ආශ්‍රිතව මෙලෙස රුධිර වහනය සිදු වන බව සඳහන් වන අතර එය ජීවිත අවධානමක් පවා ඇති දරුණු අවස්ථාවක් ලෙසින් ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

කෙසේ නමුත් අයියර්ව ඉක්මනින් රෝහල්ගත කිරීමට කටයුතු කිරීම හේතුවෙන් ඔහු මේ වන විට ස්ථාවර තත්ත්වයක සිටින බව වාර්තා වේ.

මෙම ආබාධය මරණීය අවස්ථාවක් දක්වා ගමන් කිරීමේ අවධානමක් තිබූ බවත් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ වෛද්‍යවරුන්ගේ ක්ෂණික තීරණය නිසා හානිය අවම කර ගැනීමට අවස්ථාව ලැබුණ බවත් OutlookIndia වෙබ් අඩවිය වාර්තා කරයි.

ශ්‍රෙයාස් අයියර්ට අවම වශයෙන් තව සතියකට අධික කාලයක් රෝහල්ගත වී සිටීමට සිදුවනු ඇති බවද සඳහන් වේ.