2025 ජනාධිපතිවරණයට හරියටම මාසයක කාලයක් තිබිය දී වත්මන් එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් තලතා අතුකෝරල සමගි ජන බලවේගයේ මන්ත්‍රී ධුරයෙන් ඉවත් වූයේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට සියලුම වර්ගයේ චෝදනා ඉදිරිපත් කරමින් සහ ඔහුගේ ජනාධිපති සිහිනයට මග අහුරමින්.
එම අවස්ථාවේ පාර්ලිමේන්තු සභාව අමතමින් තලතා අතුකෝරල කියා සිටියේ සජිත් ප්‍රේමදාස මහතාව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකත්වයට පත්කිරීම සඳහා තමා සහයෝගය ලබාදුන් බවත් 2020 වර්ෂයේ දී එක්සත් ජාතික පක්ෂය අතහැර සමගි ජන බලවේගය පිහිටුවීමට මුලිකත්වය ගෙන කටයුතු කළේ සජිත් ප්‍රේමදාස මහතා කෙරෙහි තිබූ විශ්වාසය නිසා වුවත් සජිත් ප්‍රේමදාස මහතා ඉක්මනින් ජනාධිපති වීමේ සිහිනයක් සිටින බවත් ය.
නමුත් ඊයේ (13) දිනයේ දී මාධ්‍ය අමතමින් තලතා අතුකෝරළ කියා සිටියේ සජිත් ප්‍රේමදාස තවමත් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයාවරයා වන අතර දැනට සමගි ජන බලවේගයේ 90%ක පිරිසක් තවමත් එක්සත් ජාතික පක්ෂයේ සිටින ඕනෑම අවස්ථාවක සමගි ජනබලවේගයේ ඕනෑම සාමාජිකයෙකුට එක්සත් ජාතික පක්ෂය සමඟ එක් විය හැකි බවයි.
මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් තලතා අතුකෝරල මහත්මිය කියා සිටියේ සජිත් ප්‍රේමදාස එක්සත් ජාතික පක්ෂය සමඟ කටයුතු කිරීමට එකඟත්වය පළකිරීම වත්මන් ජාතික ජන බලවේග පක්ෂයට තර්ජනයක් වී තිබෙන බවයි.