වර්තමාන ආණ්ඩුව සමස්ත රාජ්‍ය යාන්ත්‍රණයම තමන්ගේ දේශපාලන අතකොළුවක් බවට පත්කර ඇති බවත් ඒ සමඟම අධ්‍යාපන ක්ෂේත්‍රයත් ඔවුන්ගේ දේශපාලන ග්‍රහණයට ලක්කරන්න උත්සහ කරමින් සිටින බවත් අවාසනාවකට රටේ බොහෝ ක්ෂේත්රයන් සහ ආයතන මේ වනවිටත් ආණ්ඩුවේ අතකොළුවක් වී ඇති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.
ඔහු ප්‍රකාශ කරන්නේ රාජපක්ෂ ආණ්ඩු කරන වකවානු වල දී විපක්ෂය සමඟ හොර රහසේ ගනුදෙනු කළ නමුත් වත්මන් ආණ්ඩුව එවැනි කිසිඳු සබඳතාවයක් විපක්ෂය සමඟ නොපවත්වන බවයි.
කෙසේවෙතත් වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 2025 අයවැය කතාව ඉදිරිපත් කරමින් කියා සිටියේ ලංකාවේ ප්‍රථම වතාවට විපක්ෂය සහ ආණ්ඩුව වෙන් වෙන්ව හඳුනාගත හැකි බවත් පැරණි දේශපාලන සංස්කෘතිය ජනතාව විසින් ප්‍රතික්ෂේප වී ඇති බවත් පැරණි දේශපාලන සංස්කෘතිය තුළ තවමත් සිටින දේශපාලනඥයින් අනාගතයේදී පොසිල බවට පත්වන බවත්ය.