‘Rebuilding Sri Lanka’ අරමුදලේ කමිටුව රැස්වෙයි!කරන දේ කතා කරයි.

whatsapp image 2025 12 03 at 8.05.06 pm 1536x714

රට නැවත ගොඩනැඟීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් මත ස්ථාපිත කළ ‘Rebuilding Sri Lanka’ අරමුදලේ කළමනාකරණ කමිටුව ඊයේ (03) පෙරවරුවේ එහි සභාපති කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී රැස්විය.
සුළි කුණාටුව නිසා විනාශ වී ගිය සියලුම කේෂ්ත්‍ර නැවත ගොඩනැඟීමට අවශ්‍ය කරන අරමුදල් තවදුරටත් රැස් කිරීම සම්බන්ධව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

අරමුදල් රැස් කිරීමට අදාළව ගත යුතු උපායමාර්ගික ක්‍රියාමාර්ග මෙන්ම විදෙස් තානාපතිවරුන්, ජාත්‍යන්තර ආයතන, සහ විදෙස්ගත ශ්‍රමිකයන් සම්බන්ධ කර ගැනීම පිළිබඳව ද අවධානය යොමු විය.රට නැවත ගොඩනැඟීමේදී මෙරට රාජ්‍ය සහ පෞද්ගලික ආයතන මෙන්ම පුද්ගල වශයෙන් සහාය ලබා ගන්නා ආකාරය ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධව ද මෙහිදී සාකච්ඡාවට බඳුන් කෙරිණි.