ලොවම බලා සිටි චීන- ඇමරිකා ජනපති හමුව

Chinese and American presidents

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා සහ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා අතර හමුවක් දකුණු කොරියාවේ Busan නගරයේදී අද(30) සිදුවුණා.

The meeting between the Chinese and American presidents that the world was waiting for

චීනයේ හා ඇමරිකාවේ ජාතික තත්ත්වයන් වෙනස් වීම හේතුවෙන් මතභේද මඟහැරීම කළ නොහැක්කක් වන අතර, ලෝකයේ දැවැන්තම ආර්ථිකයන් දෙකක් ලෙස ගැටුම් හට ගැනීම සාමාන්‍ය බව ෂී ජින්පිං මහතා එහිදී පෙන්වා දී තිබෙනවා. එබැවින් නොසන්සුන්භාවය හා අභියෝගයන්ට මුහුණ දීමේදී, චීන ඇමරිකා සබඳතාවන් හි විධිමත් හා සුමට ගමනක් සහතික කිරීම සඳහා, තමා සහ ට්‍රම්ප් ජනාධිපතිවරයා එහි නායකත්වය ගෙන නිවැරදි දිශානතියකින් යුතුව සමස්ත තත්ත්වය මනා ලෙස කළමනාකරණය කර ගත යුතු යැයි ද ඔහු කියා සිටියා.

චීනයේ සංවර්ධනය සහ පුනර්ජීවනය, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ ‘ඇමරිකාව නැවතත් ශ්‍රේෂ්ඨ කිරීම’ යන ඉලක්කයට පටහැනි නොවන බව ෂී ජින්පිං මහතා අවධාරණය කළා.

චීනය සහ ඇමරිකාව හවුල්කරුවන් සහ මිතුරන් විය යුතු බවත්, එය ඉතිහාසයෙන් ලද අත්දැකීමක් මෙන්ම යථාර්ථවාදී අවශ්‍යතාවක් බව ද එහිදී සඳහන් වුණා.

සිය දිගුකාලීන මිතුරෙකු යළි හමුවීමට ලැබීම මහත් ගෞරවයක් බව ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා එහිදී පවසා තිබෙනවා. තමා ඉතා විශිෂ්ට සහ ගෞරවනීය ජනාධිපතිවරයෙක් වන චීන ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා පවත්වා බොහෝ එකඟතාවන්ට පැමිණ ඇති බවත් නව එකඟතාවන්ට පැමිණීමට අපේක්ෂා කරන බවත් ට්‍රම්ප් ප්‍රකාශ කළ බවයි වාර්තා වන්නේ.

ෂී ජින්පිං ජනාධිපතිවරයා සමග දිගුකාලීන යහපත් සම්බන්ධතවක් ගොඩනඟා ගැනීමට හැකි වෙතැයි තමා විශ්වාස කරන බවත් ඒ සඳහා ‘ඔබ අප සමඟ සිටීම මහත් ගෞරවයක්’ බවත් ට්‍රම්ප් පැවසූ බව චීන මාධ්‍ය වාර්තා කරනවා.