වත්මන් ආණ්ඩුවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළ ළමා මනසට නුසුදුසු දෑ මෙන්ම විෂය කරුණු සම්බන්ධයෙන් වැරැදි රාශියක් පවතින බව ප්‍රකාශ කරමින් සහ ඒ සම්බන්ධයෙන් විධිමත්ව කටයුතු නොකළා යැයි චෝදනා කරමින් අධ්‍යාපන අමාත්‍යවරිය වන හරිනි අමරසූරිය මහත්මියට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් අත්සන් කිරීමට අද පාර්ලිමේන්තුවේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරුන් පියවර ගෙන තිබෙනවා.