මේ රට කාබන් ඩයොක්සයිඩ් වලට උදාසීන රටක් පමණක්ම නොවේ, මෙය කාබන් ඩයොක්සයිඩ් උත්පාදනය ඍනාත්මක රටකි” යන මැයෙන් ,භූතාන් අග්‍රාමාතවරයා විසින් 2016 පෙබරවාරි, TED 2016, සම්මෙලනයේදී සිදුකල කතාවේ සිංහල පරිවර්තනය
සැ.යු: මෙය පරිවර්තනයේදී හරය රැකෙන අයුරින් සමහර කොටස් ඉවත් කර සාරාංශ ගත කර ඇති බව සලකන්න.
භුතානය යනු හිමාලය කදු වැටියේ පිහිටා ඇති කුඩා රටකි. අපිව පාරාදීසය වසයෙන් , ඇත්තටම අවසාන පාරාදීසය වසයෙන් සමහරු හදුනනවා. නමුත් මට කෙලින්ම පැවසීමට ඇත්තෙ අපි එසේ නොවන බවයි..
(සභාවෙන් සිනා)
යතාර්තය නම් 700,000 ක් පමන වන අප ලෝකයේ ජනගහනය වැඩිම රටවල් දෙක වන ඉන්දියාව සහ චීනය අතර සිරවී සිටීමයි. ඇත්ත වසයෙන් අප ඉතා කුඩා නොනැසී සිටීමට ප්රයත්න දරන ඌන සංවර්ධිත රටකි. එනමුදු අප ශක්තිමත්ව නැගී සිටිමින් පවතී, මෙම නැගිටීම පිටුපස සිටින්නෙ, අපේ වාසනවට අපට ලද අපේ රජතුමා.
අපි රජතුම දිවා රැ නොතකා අපෙ රටෙ ආර්ථිකය සමබරව පවත්වාගනිමින් , සුපරික්ෂාකාරී සමාජ සංවර්ධනයක් සමගින් , පරිසරය සහ සංස්කෘතිය රැකගනිමින් තිරාසර සංවර්ධනයක් වෙත අපව ගෙන යමින් තිබෙනව. අප මෙම ඉතා වටිනා දියුනුව සදහ ලබාගත් ප්‍රවේශය “දල ජතික සතුට/ප්‍රීතිය” Gross National Happiness (GNH) ලෙස හදුන්වනව. 1970 දශකයේ , අපේ හතර වන රජු ප්‍රකාශ කර සිටියේ “භූතානය සදහා, දල ජාතික සතුට , දල ජාතික නිශ්පාදනයට වඩා ඉතා වැදගත් බවය.
(සභාවෙන් අත්පොලසන්)
එයින් පසු භූතානය තුල සිදුවූ සියලුම ස්ංවර්දන ක්‍රිය වල අරමුන ද.ජ.ස (GNH) බවටද ,එහි ප්‍රධාන දැක්ම භූතාන් වැසියන්ගේ සතුට සහ යහ පැවැත්ම නගසිටුවීම බවටද පත්විය.
නමුත් මෙය පැවසීම පහසු වන අතර ක්‍රියාත්මක කිරීම අපහසුය, විශේෂයෙන් ඔබ ලෝකයෙ ඉතා කුඩාම ආර්ථිකය හිමි රට වනවිට මෙය වඩා තහවරු වේ.අපි දල දේශීය නිස්පාදිතය ඩොලර් බිලියන දෙකකටත් වඩා අඩුයි. මම දන්නව මේ සභාවෙ ඉන්න සමහර පුද්ගලයින් පවා ඊට වඩා වටිනා බව.
(සභාවෙන් සිනා)
තනි පුද්ගලයෙකු , මගෙ මුලු රටේම ආර්කථියට වඩා වටිනා බව.
ඉතින් මගෙ රටේ ආර්ථිකය ඉතා කුඩයි, දැන් තමා කතාව තවත් රසවත් වෙන්න පටන්ගන්නෙ.අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම නොමිලේ සහ හොදින් අධ්‍යාපනය ලබගන්න උනන්දුවක් ඇති පුද්ගලයින්ට වැඩිදුර අධ්‍යාපනයද නොමිලේ ලබා දේ.
සෞඛ්‍ය පහසුකම් ද නොමිලේ සැපයේ. තවද වෛද්‍ය සේවා වෛද්‍ය ප්‍රතිකාර සහ ඖෂධ රජය විසින් නොමිලේ නිකුත් කෙරේ. අප මෙසේ සිදු කිරීමට ප්‍රධාන හේතුව වනුයේ අප සතු සම්පත් නිසියාකාරව අර පරිස්සමෙන් ප්‍රයෝජනයට ගැනීමට ඇති අවශ්‍යතාවය සහ අපගේ ප්‍රධාන අරමුණ වන GNH සඳහා තවදුරටත් වටිනාකමක් ලබා දීමටයි.
අපේ ආර්ථිකය ඉතා කුඩායි. අප එය ශක්තිමත් කළ යුතුය. ආර්ථික වර්ධනය ඉතා වැදගත් නමුත් එය උදාකර ගැනීමේදී අපගේ ආවේණික සංස්කෘතිය හෝ නොකිලිටි ස්වභාවධර්මය විනාස නොවිය යුතුය.අද අපේ සංස්කෘතිය සමෘද්ධිමත් වෙලා අපි අපේ කලාව ගෘහ නිර්මාණ ශිල්ප දේශිය ආහාර සහ උත්සවයන් වගේම පන්සල් වර්ණනා කරනවා. ඔව් මම මගේ ජාතික ඇඳුම වර්ණනා කරනවා එම නිසා තමයි මට මගේ gho (භුතානය ජාතික ඇඳුම) ආඩම්බරෙන් ඇඳගෙන ඉන්න පුළුවන් වෙලා තියෙන්නේ.

අපේ ව්‍යස්ථාව විසින්ම අපිට වනාන්තර පද්ධතියක් ලබාදී තිබෙනවා. ඒ වගේම අපේ රජතුමා මේ ව්‍යවස්ථාව මගින් අපිට ප්රජාතන්ත්රවාදය උරුම කර දී තිබෙනවා. අපි කවදාවත් ප්රජාතන්ත්රවාදය ඉල්ලා සිටියේ නැහැ. අපි ඒ සඳහා සටන් කළෙත් නැහැ. අපි ඒක බලකර ඉල්ලා හිටියෙත් නෑ. එනමුදු අපේ රජතුමා අපිට බලෙන්ම ප්රජාතන්ත්රවාදය අපගේ ව්‍යවස්ථාව තුළට ඇතුලත් කර ලබා දුන්නා. තවද ඔහු විසින්ම අපට රජතුමාව දෝෂාරෝපණය එල්ලකල හැකි පරිදි බලය ව්‍යවස්ථානුගත කර ලබාදී තිබෙනවා. තවදුරටත් සියලුම රජවරුන් සඳහා අවුරුදු 65 විශ්‍රාම යාමත් නීතිගත කර තිබෙනවා.
(සභාවෙන් අත්පොලසන්)
මම මුලින් කියූ පරිදි 72% ක්ම අපේ රටේ වනාන්තර වලින් වැසී තිබෙනවා. එම සියලුම වනාන්තර නොකිලිටි වනාන්තර . එම නිසා තමයි මේ වන විට ලෝකයේ ඉතිරිව ඇති ජෛව විවිධත්වය වැඩිම ස්ථාන අතරින් එකක් බවට භූතානය පත්ව ඇත්තේ. ඒ විතරක් නෙවෙයි අපි දැනට කාබන් උදාසීන රටක් ලෙස සැලකේ. මුළු ලෝකයම පාරිසරික විපර්යාසයකට ලක්ව ඇති මොහොතක අපි කාබන් උදාසීන රටකි. එය විශේෂයෙන් සැලකිය යුතු කරුණක් මන්දයත් රටවල් දෙසීයක් පමණ ඇති ලෝකයේ, භූතානය කාබන් ඩයොක්සයිඩ් උදාසීන එකම රාජ්‍යය.
නමුත් එය ඇත්ත තත්ත්වය එය නොවේ. මන්දයත් භූතානය කාබන්ඩයොක්සයිඩ් උදාසින රාජ්‍යයක් නොවන අතර එය කාබන්ඩයොක්සයිඩ් සෘණාත්මක ලෙස පිටකරන රාජ්‍යයක් . මුළු භූතානයම කාබන්ඩයොක්සයිඩ් ටොන්මිලියන 2.2 පිටකරන පිටකර ද අපගේ වනාන්තර පද්ධතිය මගින් එය තුන් ගුණයකින් උදාසීන කරනු ලබනවා. එම නිසා අපගේ වාර්සික ශුද්ධ කාබන් අඩු කිරිම ටොන් මිලියන 4 යි.
එපමණක් නොව අපි අපගේ ගංගාවලින් ලබා ගන්නා බලශක්තිය අපනයනය කරනු ලබනවා . එම අපනයනය කරනු ලබන පරිසර හිතකාමී ශක්තිය මගින් වාර්ෂිකව ටොන් මිලියන 6 පමණ කාබන්ඩයොක්සයිඩ් නිපදවීම අඩු කර ඇත. 2020 වන විට අපි අපගේ බලාපොරොත්තුව මෙම පරිසර හිතකාමී බලශක්තිය අපනයනය මගින් අපගේ අසල්වාසී රටවල් වල කාබන් ඩයොක්සයිඩ් නිපදවීම ටොන් මිලියන 17 පමණ අඩු කිරීමටයි. ඒ වගේම අපගේ බලාපොරොත්තුව ,අපගේ ජල විදුලිබල උත්පාදන හැකියාවෙන් අඩක් ප්‍රමාණයක්වත් ලබාගත හැකි වූවහොත්, අපට අවුරුද්දකට නිකුත් කරනු ලබන කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය ටොන් මිලියන 50 කින් පමණ අඩුකිරීමට දායක විය හැක. එම අගය නිව් යෝක් නගරය තනිව වාර්සිකව නිකුත් කරන්න කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණයට වඩා විශාල අගයකින් ඉහලයි.

අප අපගේ රට තුල CO2 පිට කිරීම ඍනාත්මකව පවත්වා ගන්නා අතරම, අපේ රටේ සීමාවින් එහා CO2 අඩු කිරීමටද විශාල ලෙස දායක වේ. ඔබට පෙනෙනවා ගෝලීය උනුසුම වැඩිවෙමින් පවතින බව. එය කදුකර රාජ්‍යක් වන මගේ රටටද විසාල ලෙස බලපා ඇත. අයිස් ගලැසියර් දියවෙමින් , ක්ෂනික ගංවතුර සහ නාය යෑම් වැනි ස්බාවික විපත් වලට අපි මුහුන දෙන්නෙමු.නමුත් කනගාටුවට කරුන නම් , අපි මෙම පරිසර විනාසයන්ට කිසිදු දායකත්වයක් ලබා දී නොමැත , නමුත් එහි භයානක ප්‍රතිපල වලට යටත් වීමට සිදුව ඇත.කුඩා දුප්පත් රාජ්‍යක් වසයෙන් එය අපට ඉතා තදින් බලපානව.
නමුත් අපි දෑත් බැදගෙන බලා සිටින්නට සූදානම් නැහැ. අපි මෙම පරිසර විපර්යාසය නැවැත්වීමට සටන් කරන්වා. එහි ප්‍රතිපලයක් වශයෙන් තමා , අපි පොරොන්දු වුනේ CO2 නිදහස් රාජ්‍යක් බවට පත්වීමට.
අපි මුලින්ම 2009 කොපොන්හේගන් වල පැවති COP 15 (Conference of the Parties) හමුවේදි මෙම පොරොන්දුව ප්‍රකාශයට පත් කරා, නමුත් එදා කිසිම කෙනෙක් ඒ පිලිබදව ඇහුන්කන් දීමටවත් සැලකිලිමත්වුනේ නැ. ඔවුන් සියල්ල ඉතා කාර්යබහුුලව මෙම විනාසය ගැන එකිනෙකාට ඇගිල්ල දිගු කරමින් හිටියා. ඒ අවස්ථාවේ මේ කුඩා රාජ්‍යය අත ඔසවා කෑ ගසා පොරොන්දු වුනා “සදාකාලිකවම කාබන්ඩයොක්සයිඩ් උදාසීන රටක් ලෙස සිටින බවට”.
නමුත් කිසිවෙක් ඇහුන්කන් දුන්නෙ නැ. පසුගිය දෙසැම්බරයේ COP 21 නැවත රැස් වුනා.අප එහිදී නැවතත් අපගේ ප්‍රකාශය සිදු කළා. මෙවර ඔවුන් සියල්ල ඇහුන්කන් දුන්නා, සැලකිලිමත් උනා. පැරීසියේදි අවශ්‍ය වෙනස සිදුවුනා. කුඩාම රාජ්‍යයේ සිට විසාලම රාජ්‍යය දක්වා එකාමෙන් අත්වැල් බැදගෙන, පරිසර විපර්යාසය සිදුවෙමින් පවතින බවත් එය එකා මෙන් එකතු වී වැලැක්විය යුතු බවත් පිලිගත්තා.
මෙහිදී එක්සත්ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කර සිටියේ, සියල්ලන්ම පොරොන්දුු වූ පරිදි ක්‍රියා කලහොත් ගෝලීය උෂ්ණත්වය වැඩි වීම 2°C කින් පමණ පාලනය කර ගත හැකි බවයි.
සියලුම රාජ්‍යයන් තමන්ගේ පොරොන්දු ඉටුකිරීම ඉතා වැදගත් වේ. භූතානය වශයෙන් අපි අපගේ කාර්යභාරය ඉටු කිරීමට බැඳී සිටිනවා .අප විසින් එම කාර්යයන් ඉටුකරන ආකාරය මම පැහැදිලි කරන්නම්,
අපි අපගේ සියලුම ගොවි ජනතාවට නොමිලේ විදුලි බලය ලබා දෙනවා. මෙහි අරමුණ දර භාවිතය අවම කිරීමයි.

අපි දැනටමත් තිරසර ප්‍රවාහන පද්ධතියක් ඇති කිරීමට, විදුලි බලයෙන් ක්‍රියාත්මක වන වාහන භාවිතය ඉහළ නංවා තිබෙනවා ඒ සඳහා අවශ්‍ය මුදල් ආධාර ද රජය විසින් ලබා දෙනවා.
Clean Bhutan නමින් ආරම්භ කර ඇති ජාතික ව්‍යාපාරය යටතේ මුළු භූතානයම පිරිසිදු කිරීම සිදුකරන අතර Green Bhutan නමින් රටපුරා රුක් රෝපණ ව්‍යාපාරයක් ආරම්භ කර තිබෙනවා.
කෙසේ වුවත් කාබන්ඩයොක්සයිඩ් උදාසීන භූතානයේ වැදගත්ම දේ නම් සංරක්ෂිත ප්‍රදේශයන්. ඒවා අපගේ පෙනහළු හා සමානයි.
අද වන විට අපගේ සම්පූර්ණ භූමි ප්රදේසයන්ගෙන් භාගයකටත් වඩා ප්‍රදේශයන්. ඒවා ජාතික උද්‍යාන සහ වනජීවී අඩවියන්. වඩාත්ම සිත් ගන්නා සුළු කරුණ වන්නේ එම සියලුම ප්‍රදේශයන් ජෛව විද්‍යාත්මක මාර්ග (Biological Corridor) හරහා සම්බන්ධ කර තිබීම. එමනිසා වනජීවීන්ට නිදහස් රට පුරාම සංචාරය කිරීමේ හැකියාව තිබෙනවා. උදාහරණයක් වශයෙන් රූපයේ දැක්වෙන කොටියා, මුහුදු මට්ටමේ සිට මීටර් 250 ක උසකදී දැනගැනීමට ලැබී ඇත එම කොටියාම අවුරුදු දෙකකට පස්සේ මීටර් 4000 උස් සීතල Alpine කඳුවැටියේදි දැකගත හැකි වුණා.
(සභාවෙන් අත්පොලසන්)
අප එය ඒ ආකාරයෙන් රැකගත යුතු අතර අවුරුදු පතා, දඩයම්, කැලෑ කැපීම් සහ කැණීම් නැවැත්වීමට අවශ්‍ය කටයුතු කරනු ලබනවා. නමුත් එය ඉතා වියදම් සහගත කාර්යභාරයක්.ඉදිරි වසර කිහිපය තුළ අපගේ කුඩා ආර්ථිකයට වන සංරක්ෂණය සඳහා අදාල වියදම් දැරීමට නොහැකි වනු ඇති. අපගේ ගණනය කිරීම් වලට අනුව අපට අවුරුදු 15 වත් යනතෙක් අපට අපගේ සම්පූර්ණ සංරක්ෂණ ක්‍රියාවලිය සිදුකිරීමට නොහැකි වනු වේ.නමුත් භූතානයට හෝ ලෝකයට අවුරුදු පහළොවක් ආපස්සට ගිය නොහැක.
අවසාන වශයෙන් මම මගේ කතාව, එනම් භූතානය කෙසේද කාබන් ඩයොක්සයිඩ් උදාසීන රටක් වශයෙන් දිගටම, අපගේ ළමා පරපුර මෙන්ම ඔබගේ ළමා පරපුර වෙනුවෙන් සහ ලෝකයේ වෙනුවෙන් පවත්වාගෙන යන ආකාරය,අසා සිටි ඔබට ස්තුති කරමි. නමුත් ඇත්ත වසයෙන් අප මෙතනට රැස්වූයේ කතා කීමට හෝ ඇසීමට නොවේ. ඒ එක සිහිනයක් යථාර්ථයක් කර ගැනීමටයි. මාගේ සිහිනය වනුයේ අපගේ Bhutan For Life ප්‍රතිපත්තිය අනිත් රටවල් වලට ද ආදර්ශයක් ලෙස ගෙන එම රටවල් තමන්ගේ පරිසරය රැක ගනිමින් World For Life යන තේමාවට රැගෙන යාමයි. මෙසේ සංස්කෘතියෙන් වෙනස් වුවත් පරිසරයට අප එක හා සමාන වේ.
ඉතින් එකාවන්ව එකට වැඩ කරමු, රැකගමු අපගේ ලෝකය.
ස්තුතියි