ශ්‍රීපාද කඳු මුදුනෙහි කිසියම් නාය යාමක් ගැන දර්ශනය වෙමින් සංසරණය වන ඡායාරූපයක් පිළිබඳව බොහෝ දෙනා විමසිලිමත් වේ. මේ පිළිබඳව Shaminda Ranshanසමනල කන්ද රසික එකමුතුව පිටුවේ මෙහෙම සටහනක් තිබිණි.
ශ්‍රී පාද උඩ මලුව ආසන්නයේ ප්‍රබල නායයාමක සලකුණු
මේ පේන විදිහට දෙහෙනකන්ද මුක්කුවත්ත පාර මහගිරිදඹට සෙට් වෙන හරිය වගේ. ඒ දෙක මැද කැලේ පිහිටි දෙහෙනකන්ද පාර හරිය වගේ ඔය පේන පැත්තට. මලුවට කිසිම හානියක් හෝ ගැටලුවක් නෑ කියලා උඩ මලුවෙන් කිව්වා. මේක වනාන්තර කොටසක සිදු වූ දෙයක් හැබැයි මහගිරිදඹ කොටසේ. මේ ගලා යාම අනුව රත්නපුර පාරේ ආඩියාමළතැන්නෙන් පහල යමක් වෙලා තියෙන්න පුලුවන්. නැත්නම් සදගලතැන්න පාර පැත්තට වෙන්නත් පුලුවන්. තාම එතනට යන්න කාටවත් හැකියාවක් ලැබිලා නෑ. රත්නපුර සහ හැටන් මාර්ග වලට ලොකු ගැටලුවක් නෑ. හැටන් වල පාරට පස් ගල් ඇවිල්ලා කියලාුඩ මලුවෙන් දැනගන්න ලැබුනා. රත්නපුර මාර්ගයේත් තරමක් දේවල් වෙන්න ඉඩක්ඩ නම් වැඩියි ඒත් ඒ කැලේ ඇතුලේ කිසිම දේක තොරතුරක් නෑ. වැඩි තොරතුරු ලද සැනින් අපි සමූහයේ පල කරනවා.
ප.ලි.
දින කිහිපයකට පෙර ක්ලීන් ශ්‍රී ලංකා විසින් උඩ මලුවේ කුණු කදු ඉතා ගැඹුරු ලෙස සුද්ධ කර ඉවත් කරනු ලැබුවා. ඒ නිසා ඒ කොටසේ වර්ෂාවත් සමග පස සේදී යාමක් වගේ වෙලා තියෙනවා. ඒ එක්කම පහලට ගල් සහ පහල කොටසේ පස් සමග සේදී යාමක් වෙලා තියෙනවා කියලා වැඩි විස්තර ලැබුනා. කෙසේ හෝ මුලින් අප කීවාක් මෙන් උඩ මලුවට කිසිදු හානියක් නෑ. නමුත් ඔය සේදී ගිය කොටස පියවි ඇසට සහ කැමරා වලට පේන විදිහට කී.මී. කිහිපයක් වනාන්තරය දෙසට ගිහින් තියෙනවා. ඒකේ වපසරිය තරමක් විශාල බව නිතැතින්ම පේනවා. නමුත් මෙය සිරිපා වන්දනාවට කිසිම ගැටලුවක් නෑ. හැටන් පාරේ සිදු වෙලා තියෙන ගල් පස් පෙරලීම් අනිවාර්යයෙන්ම නායක හාමුදුරුවන්ගේ මැදිහත් වීමෙන් අද හෙට පිලිසකර කරනවා. මොකද දැනට අපි දන්නා විදිහට එලඹෙන සිරිපා වාරය ආරම්භ කිරීමට කිසිදු ගැටලුවක් අවහිරයක් නැහැ. ඉදිරි දින වල අපි ඒ සිරිපා නායක හාමුදුරුවන්ගේ මාධ්‍ය දැනුවත් කිරීම් තුලින් දැනගන්න පුලුවන්.

කෙසේ වෙතත් පසුව එහිම මෙවැනි සටහනක් යොදා තිබේ.
2025-11-30කෙසේවෙතත්,ඒ පිළිබඳව සොයාබැදීමේදී පැහැදිලි වන්නේ එය සත්‍යෙයන් තොර බවයි.
අප කළ විමසීමකදී හැටන් ජේෂ්ඨ පොලිස් අධිකාරීතුමා පැවසුවේ, එවැනි නායයාමක් සිදුවී හෝ එවැනි අනතුරක් නොමැති බවත් එවැනි තත්වයක් ඇතිවුවහොත් පෙර සුදානම් වීම සඳහා නල්ලතන්නිය ප්‍රදේශය ආශ්රිත ජනතාව අනතුරු ඇතිවියහැකි තැන්වලින් ඉවත් කර ඇති බවයි.


