පද්මෙගේ ගෝලයින් තුනක් වත්තල දී අත්අඩංගුවට

කෙහෙල්බද්දර පද්මේ

රුපියල් කෝටි තුනහමාරක පමණ වටිනාකමක් ඇති හෙරොයින් තොගයක් වත්තල පොලිස් වසමේ පල්ලියවත්ත ප්‍රදේශයේදී වැටලීම සම්බන්ධයෙන් තවත් තොරතුරු අනාවරණය වී තිබේ.

ඒ අනුව ඊයේ (30) සවස සිදුකළ මෙම වැටලීමේදී අත්අඩංගුවට ගෙන ඇත්තේ සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන මේ වනවිට අත්අඩංගුවේ පසුවෙන කෙහෙල්බද්දර පද්මේගේ ගෝලයක් තිදෙනෙකු බවට තොරතුරු වාර්තා වේ.

සැකකරුවන් අවුරුදු 25, 21 සහ 28 යන වයස්වල පසුවෙන වත්තල පල්ලියවත්ත, අවරකොටුව සහ ගලගහදූව යන ප්‍රදේශවල පදිංචිකරුවන් වෙයි.

වැටලීමේදී සැකකරුවන් සතුව තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 165ක් සොයාගෙන තිබුණි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා අද (31) වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබාගැනීමට නියමිත බවද වැඩිදුරටත් වාර්තා වෙයි.