ගෝලීය දූෂණ දර්ශකයේ ශ්‍රී ලංකාව ඉදිරියට

Transparency International

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් (Transparency International) ආයතනය විසින් නිකුත් කරන ලද 2025 ගෝලීය දූෂණ දර්ශකයේ (CPI) ශ්‍රී ලංකාව සැලකිය යුතු ප්‍රගතියක් අත්කර ගැනීමට සමත්ව තිබෙනවා.

රටවල් 182ක් අතුරින් ශ්‍රී ලංකාව 107 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇති අතර 2024 වසරේ දී ශ්‍රී ලංකාවට හිමි වී තිබුනේ මෙම දර්ශකයේ 121 වැනි ස්ථානයයි ඒ අනුව 2024 වසරේ ලකුණු 32ක ප්‍රමාණයක් ලබාගෙන තිබූ ශ්‍රී ලංකාව 2025 වසර වන විට ලකුණු 35 දක්වා වර්ධනය වී තිබෙනවා.

පසුගිය වසරට සාපේක්ෂව ස්ථාන 14ක සහ ලකුණු +3ක පැහැදිලි වර්ධනයක්.

අංක 9 දරන දූෂණ විරෝධී පනත බලාත්මක කිරීම සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ශක්තිමත් කිරීම, රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලීන් සහ ආදායම් දෙපාර්තමේන්තු ඩිජිටල්කරණය කිරීම, ඉහළ පෙළේ දූෂණ චෝදනා සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීම ආදී කරුණු මෙම ශ්‍රේණිගතකිරීම් සඳහා ඉවහල් වී ඇත.

එම ආයතනය පෙන්වා දෙන්නේ ශ්‍රීලංකාව යම්කිසි ප්‍රගතියක් ලබාගෙන ඇති නමුත් තවමත් ලෝක සාමාන්‍ය දර්ශකය වන ලකුණු 43ට වඩා පසුපසින් සිටින බවත් මෙම තත්වය තවදුරටත් වර්ධනය කරගැනීමට රාජ්‍ය දේහය තුළ ප්‍රතිසංස්කරණ අවශ්‍ය බවත්ය.