වෙනිසියුලානු මැදිහත්වීමට එරෙහිව කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතා

trump against protest colombo

වෙනිසියුලාව තුළ ක්‍රියාත්මක වන ඇමරිකානු හමුදා මැදිහත්වීම් දැඩි ලෙස හෙළා දකිමින් කොළඹ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිටදී විරෝධතාවක් පැවැත්විණි.

වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ අත්අඩංගුවට ගැනීම සහ එරට පාලන බලය හුවමාරු කිරීමේ ක්‍රියාවලිය හා තෙල් කර්මාන්තය අධීක්ෂණය කිරීමට ඇමරිකාව ගත් මතභේදාත්මක තීරණයට එරෙහිව විරෝධතාකරුවන් මෙහිදී හඬ නැගූහ.

විරෝධතාකරුවන් ඉල්ලා සිටියේ වෙනිසියුලාවේ ස්වෛරීභාවයට බලපෑම් කරන හමුදාමය මැදිහත්වීම් සහ දේශපාලන බලපෑම් නතර කරන ලෙසයි.

වෙනිසියුලාවේ අනාගතය තීරණය කිරීමේ අයිතිය සහ ඊට අදාළ විසඳුම් සෙවීමේ බලය එරට ජනතාව සතු බව (Venezuelan-led solution) විරෝධතාකරුවන් මෙහි දී අවධාරණය කළහ.